2018 සැප්තැම්බර් 22 වන සෙනසුරාදා

පළමු උගුරෙන්ම රස වැටුණු ලා දළු

 2018 සැප්තැම්බර් 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 151

ලංකාව ඇතුළේ Kombucha tea කියන්නේ නිතරම දකින්න ලැබෙන දෙයක් නෙමෙයි. දිලීර වර්ගයක් පාවිච්චි කරලා හදන මේ තේ වර්ගය රසබලන්න කියලා මුලින් හිතද්දීම මට දැනුණේ හරිම අමුතු හැඟීමක්. ඒත් පළවෙනි උගුර බිව්ව ගමන් ඒ අමුත්ත කොහේ ගියා ද කියලා නොතේරෙන තරම් සැහැල්ලු රසයක් ඒකෙ තිබුණා. විශේෂයෙන්ම කොළඹට අව්වට අහුවෙලා රත් වෙච්ච ඇඟක් සිසිල් කරන අමුතු බලයක් ඒකෙ තිබුණා. 

අපට Kombucha tea හමුවුණේ ලාදළු නමින් ඒවා හදන ගිවංක ගුණතිලකගෙනුයි. ඇත්තටම ලංකාව ඇතුළේ Kombucha tea හදන අය ඉන්නේ බොහොම අඩුවෙන්. ඒ අතරින් කෙනෙක් වන ගිවංක තමන්ගේ Kombucha tea එකතුව රස පහකින් ඉදිරිපත් කරනවා. 

අපි මුලින්ම රස බැලුවේ සාමාන්‍ය Kombucha tea එකක්. ඒක කලින් කිව්වා වගේ සැහැල්ලු තේ රසයක් තිබුණු බීමක්. කොහොම වුණත් මෙතැන තිබුණු හොඳම Kombucha එක තමා ජින්ජර්. ඉඟුරු රස හොඳට දැනෙන විදිහට හදලා තිබුණු මේක ජින්ජර් බියර්වලට වඩා වෙනස්. Turmeric Kombucha එකත් තවත් දිවට සැරක් ගෙන දෙන බීමක්. ඒවාට යොදාගන්නා ඉඟුරු සහ කහ ලංකාවේ කාබනික විදිහට ඉඟුරු, කහ වගාකරන අයගෙන් ලබාගෙන තිබීමත් විශේෂත්වයක්.

ඊළඟට Jun නමින් හැඳින්වුණු ග්‍රීන් ටී සහ මී පැණි දාලා හදපු බීමත් අපි රස බැලුවා. ඒකත් බොහොම සැහැල්ලු හැබැයි මී පැණි රසය හොඳට දැනෙන බීමක්. කොහොම වුණත් ගිවංකගේ බෙලිමල් Kombucha එක නම් අපිට එච්චර ඇල්ලුවේ නැහැ. ඒකෙ තිබුණෙ ටිකක් අරිෂ්ඨ රහක්.

 නටාෂා ප්‍රනාන්දුපුල්ලේ 
ඡායාරූප - කණිෂ්ක ගනේවත්ත

 

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00