2018 සැප්තැම්බර් 22 වන සෙනසුරාදා

හොයිසින් සෝස් එක්ක රයිස් රෝල් එකක් : ක්‍රිස්පි නූඩ්ල්ස් සමඟ Prawn Sarong

 2018 සැප්තැම්බර් 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 66

කොළඹ Monsoon අවන්හල පටන්ගත්තේ පහුගිය අවුරුද්දේ නොවැම්බර් මාසයේදීයි. මෙතැන මැලේසියානු, ඉන්දුනීසියානු, වියට්නාම, තායි සහ සිංගප්පූරු ආහාර පිළිගන්වන තැනක්.

මම මුලින්ම රස බැලුවේ Prawn Sarong කියන තායි ස්ටාර්ටර් එක. ක්‍රිස්පි නූඩ්ල්ස් සමඟ ඒක ටිකක් සැරට පිළිගන්වලා තිබුණා. ඊළඟට Goi Guon Rolls කියන වියට්නාම ස්ටාර්ටර් එකත් කාලා බැලුවා. ඒක හොයිසින් සෝස් එක්ක පිරිනැමෙන රයිස් රෝල් එකක්. 

Baked Chili Asian Sea Bass තමයි මම ප්‍රධාන ආහාරය විදිහට තෝරගත්තෙ. ඒක මැලේසියානු කෑමක්. සී බාස් කියන මාළු වර්ගය කෙසෙල් කොළවල ඔතලා තම්බලා චිලි සෝස් එකක් සමඟ තමයි කෑම මේසෙට ආවෙ.

අතුරුපස විදිහට Kek Lapis කියන ඉන්දුනීසියානු ලේයර් කේක් එකක් මට ලැබුණා. ඒක හරිම ලස්සන පිළිගන්වපු කේක් එකක්. රසත් ඒ වගේම ඉස්තරම්. 

- ධනූ
ඡායාරූප  – you’re my favorite

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00