2018 සැප්තැම්බර් 22 වන සෙනසුරාදා

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට ප්‍රවීණ මාධ්‍යෙව්දියකුට මාරකයක්

 2018 සැප්තැම්බර් 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 90

මෙම වකවානුව අප රටට මෙන්ම ලෝකයාට ද ඉතා අයහපත් වූ කාලයක් වේ. මේ කාලය තුළ අඟහරු සඳුට අයත් සුවන නැකතේ ද, බුධ සඳුට අයත් හත නැකතේ ද සිකුරු රාහුට අයත් සා නැකතේ ද ගමන් කරයි. එසේම සෙනසුරු කේතුට අයත් මූල නැකතේ හා රාහු සෙනසුරුට අයත් පුෂ නැකතේ මෙන්ම යුරේනස් කේතුට අයත් අස්විද නැකතේ ද ගමන් කරන්නා වූ කාලයකි. මෙම වකවානුව තුළ අප රටේ මෙන්ම විදේශීය රටවලද අපරාධ ක්‍රියා බහුලව සිදුවනු ඇත. ව්‍යාපාරික ස්ථාන ගොඩනැගිලි, තට්ටු නිවාස හදිසි ගිනි ගැනීම්වලට ලක්වීම සිදුවේ. මෝටර් රථ, බස් රථ හා වාහන හදිසි ගිනි ගැනීම්වලට ලක්වීම හා බිහිසුණු අනතුරු ද සිදුවනවා ඇත. අප රටේ ප්‍රවීණ ජනමාධ්‍යවේදියකුට හෝ පුවත්පත් මාධ්‍ය ක්ෂත්‍රයේ මාධ්‍යවේදියකුට මාරකයක් ඇතිවන අතර කාලගුණික විපර්යාස ගෙන දෙමින් සුළි කුණාටු හා හදිසි ජල ගැලීම්ද ඇතිවීමෙන් නිවාස දේපලවලට ද හානීවීමක් සිදුවේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට ඉතා අයහපත් සිදුවීමකට මුහුණ දීමට ද සිදුවන අතර මාරක අපලයක් ද යෙදෙන වකවානුවකි. මෙම අයහපත් වූ බලපෑම් ඉදිරි මාස 3ක් යනතුරුම පවතිනු ඇත.

ලග්න අනුව

මේෂ - ගෞරවය ලැබේ

ඔබට අයහපත් බලපෑමක් ඇති නොවන අතර ඔබගේ කටයුතු සුපුරුදු ලෙස කරගෙන යාමට හැකියාව ලැබේ. අන් අයගේ ආදරයට ගෞරවයට පත්වනු ඇත. නීතිමය ප්‍රශ්නයකට මැදිවිය හැකි බැවින් කල්පනාකාරීව කටයුතු කරන්න.

වෘෂභ - සිත් අමනාපකම්

තමා ගැන වැඩිපුර සිතා කටයුතු කිරීමට පෙළඹීම නිසා හිත මිතුරන් තමා සමඟ සිත් අමනාපකම් ඇතිකරගනු ඇත. යම් යම් කටයුතු අතපසු වීම්වලට ලක්වනු ඇත. තම කාලාත්‍රයා ශරීර පීඩා ඇති වන්නාවූත් කාලයක් ද වේ.

මිථුන - ව්‍යාපාරවලට හොඳයි

මිතුරන් නිසා යම් යම් ගැටලු උද්ගත වේ. තමන් කිරීමට යන කටයුතු සඳහා බාධා ද ඇති වන නමුත් ව්‍යාපාරික කටයුතුවල නිරත වී සිටින අයට ශුභ ඵල ගෙන දෙනු ඇත.

කටක - මංගල යෝග

අවිවාහක අයට මංගල යෝග ස්ථිරවන වකවානුවක් වන අතර හදිසි කේන්ති ගති ද ඇති වනු ඇත. රුකියාවේ වෙනසක් හෝ උසස් වීමක් බලාපොරොත්තු වූයේ නම් එම බලාපොරොත්තුව ඉෂ්ඨ වේ.

සිංහ - විදේශ ගතවීම්

ඔබට එරෙහිව පැවති සතුරු බලවේග හඳුනාගෙන කටයුතු කිරීමට හැකියාව අත්වන අතර දුරගමන් විදේශ ගතවීම් අපේක්ෂා ඉෂ්ඨ කරගත හැකිවනු ඇත. ඥාති ප්‍රශ්නයක් මතුවනු ඇත.

කන්‍යා - ඉඩකඩම් මිලට ගනී

ඔබගේ යම් යම් වැඩ කටයුතුවල අතපසුවීම් ඇති වන අතර විරුද්ධ ලිංගික ආකර්ශනයට ලක්වනු ඇත. ඉඩකඩම් මිලදී ගැනීම් හෝ තව කොටසක් නිවසට එක් කරගැනීමක් සිදුකරන කාලයක් ද වේ.

තුලා - නොබියව ඉදිරියට

අන් අයගෙන් උදව් අපේක්ෂා කළද ඔබට උදව් හිමි නොවන කාලයකි. උරැම හිමිකමක් ලබා ගැනීමට හැකියාව ලැබෙනු ඇත. යම් යම් කටයුතු සඳහා නොබියව ඉදිරිපත් වනු ඇත.

වෘෂ්චික - ආර්ථික ගැටලු

තාක්ෂණික කටයුතුවල නිතර අයට ඉතා යහපත් වනු ඇත. ආර්ථික ප්‍රශ්න තදින් දැගෙන කාලයක් වේ. සේවා ස්ථානයේ පැවතියාවූ කරදර රුසක් මගහැරී යනු ඇත. ඇස්වල පීඩාවක් ගෙන දෙනු ඇත.

ධනු - උදවු උපකාර 

දුරගමන් යෙදෙන කාලයකි. ව්‍යාපාරික කටයුතුවල නිරතවී සිටින අයට වාසි අත්වනු ඇත. හිත මිතුරන්ගෙන් උදව් උපකාර හිමිවන අතර යම්කිසි ආරංචියක් නිසා තැනි ගැනීමට ලක්වනු ඇත.

මකර - කැපී පෙනේ

ඔබට යහපත් ඵල ගෙන දෙන අතර අන් අය අතර කැපී‍පෙනෙන තත්ත්වයට ඔබව පත්වනු ඇත. කලා කටයුතුවල නිරත වී සිටින අයට ඉතා යහපත් වන අතර හදිසි කේන්ති ගති වැඩි කාලයක් බැවින් ඉවසීමෙන් වැඩ කරන්න.

කුම්භ - පවුලේ අඬදබර

භූමිය සම්බන්ධව කටයුතු කරන අයට ශුභ ඵල අත්වනු ඇත. සන්නිවේදන කටයුතුවල නිරත අයට තම හැකියාවන් පෙන්විය හැති වනු ඇත. පවුල් ජීවිතයේ අඬදබර ඇතිවිය හැකි බැවින් ඉවසීමෙන් කටයුතු කරන්න.

මීන - පතල්වලින් සම්පත්

හදිසි ධන ලාබ අත්වන අතර පතල් ආශ්‍රිතව කටයුතු කරන අයට වටිනා සම්පත් මතුවනු ඇත. යම් යම් කටයුතුවලදී ඔබගේ උත්සාහයේ තරමට ලැබෙන ඵලය අඩු වනු ඇත.

ජ්‍යොතිෂ නන්දන
ප්‍රවීණ ජ්‍යොතිෂවේදි ජ්‍යොතිෂාචාර්ය
රේණුක වික්‍රමසිංහ
සුවණැන ජ්‍යොතිෂ පර්යේෂණායතනය
ඔලබොඩුව, ගෝනපල

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00