2018 සැප්තැම්බර් 15 වන සෙනසුරාදා

කොළඹ ෂැංග්‍රිලාවට ආ ජකර්තා ෂැංග්‍රිලා රස

 2018 සැප්තැම්බර් 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 125

කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී පසුගියදා විශේෂ ඉන්දුනීසියානු ආහාර ප්‍රවර්ධන වැඩසටහනක් පැවැත්වුණා.

ඉන්දුනීසියාවේ ජකර්තා නුවර ෂැංග්‍රිලා හෝටලයේ ඉන්න ප්‍රවීණ සූපවේදියෝ තුන්දෙනෙක් කොළඹට ඇවිත් මේ ආහාර වැඩසටහනට දායක වුණා. ෂැංග්‍රිලා හෝටලයේ ටේබල් වන් කියන අවන්හලේ තමයි මේ ඉන්දුනීසියානු කෑම පිරිනැමුණේ.

අපි එතැනට යද්දි ස්ටාර්ටර්ස් ටික ඉවරවෙලා. හැබැයි ඉතුරු වෙලා තිබුණු රසවත් Soto Ayam සුප් එක නම් බොහොම ආසාවෙන් බිව්වා. කහ පැහැයට හුරු මේ චිකන් සුප් එකේ අමුමිරිස් රසත් දෙහි රසයත් හොඳට දැනුණා. ඊට අමතරව යාන්තමින් තම්බාගත් එළවළු, හොඳින් තම්බපු බිත්තරයක්, අල පෙති කිහිපයක්, බැදපු ටෝෆු දාලා හදපු ඉන්දුනීසියානු ආරේ Gado Gad සලාදයත් එතැනදී හොඳ තේරීමක්.

අපි ප්‍රධාන ආහාරය විදිහට තෝරාගත්තේ Rendang Daging කියලා නම්කරලා තිබුණු බීෆ් අඩංගු කෑමක්. මෘදුව සකස් කළ බීෆ් සහ ස්ටීම් රයිස් හරිම හොඳ රස සංකලනයක් එකතු කරලා තිබුණා. Ikan Colo Colo හෙවත් ග්‍රිල් කරපු මාළුවාත් හරිම රසයි!

අතුරුපස ගැන කතාකිරීමේදී රයිස් බෝල් එකක් විදිහට පිළිගැන්වෙන Klepon කියන්නේ ඉතාම රසවත් කෑමක්. සහල් සහ පොල් යොදාගෙන ඒ වගේ රසවත් කෑමක් හැදීමත් පුදුමසහගතයි. ඊට අමතරව Talam Ubi  ,Onde Onde කියන්නේත් ජනප්‍රිය ඉන්දුනීසියානු අතුරුපස වර්ගයි.

♦ නටාෂා ප්‍රනාන්දුපුල්ලේ
ඡායාරූප - කණිෂ්ක ගනේවත්ත

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00