2018 සැප්තැම්බර් 15 වන සෙනසුරාදා

කන්‍යා, ධනු, මිථුන, මීන ලග්නවලට භද්‍ර යෝග බලය

 2018 සැප්තැම්බර් 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 353

2018 සැප්තැම්බර් 19 වන බුධ දින පාන්දර 4.16ට ග්‍රහ මණ්ඩලයේ සියුම් බුද්ධිමතා වූ බුධ ග්‍රහයා තමාගේ රජ නිවස වූ කන්‍යා රාශියට පිවිසේ. 2018 ඔක්තෝබර් මස 6 වන ශනිදා දහවල් 12.44 දක්වාම රවීට අයත් උත්‍රපල් නැකතේ 2 වන 3 වන 4 වන පාදවලත් සඳුට අයත් හත නැකත් සම්පූර්ණවත් අඟහරුට අයත් සිත නැකතේ ප්‍රථම දෙවන පාදවලත් බුධ ග්‍රහයා ගමන් කරනු ඇත.

මෙම කාලවකවානුව තුළ කන්‍යා, ධනු, මිථුන, මීන ලග්න හිමියන්ට පංච මහා පුරුෂ යෝග බලයක් වූ භද්‍ර යෝග බලයේ ඵල අත්වන අතර මතු කී ලග්නවලින් උත්පත්තිය ලබන දූ දරුවන්ටද ඉහත යෝග බලයේ ඵල අත්වනු ඇත.

මේ තත්ත්වය මත අප රට කෙරෙහි අවධානය යොමු කිරීමේදී රටේ ආර්ථිකයට බලපෑම් ඇතිවන අතර තැපැල්, සන්නිවේදන, විදුලි ආශ්‍රිත සේවක ප්‍රශ්නයක් ඇතිවනු ඇත. පුවත් හෝ මාධ්‍ය කේෂත්‍රයට සම්බන්ධ පුද්ගලයකුට මාරක ඇතිවනු ඇත. පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයන් අතර තර්ක හා වාද කිරීම් ඇති වනඅතර ඇමතිවරයකු තම ධුරයෙන් ඉවත් වීමක් හෝ නව ඇමති ධුරයකට මන්ත්‍රීවරයකු පත්වීමක් සිදුවනු ඇත.

විදේශීය වශයෙන් විමසා බැලීමේදී මාධ්‍ය ආයතනයකට හෝ මාධ්‍යවේදියකුට ත්‍රස්ත ප්‍රහාරයන් එල්ලවනු ඇත. නවීන දේ සොයා ගැනීමට උනන්දුව ඇතිවන අතර නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් නව ප්‍රවණතා ඇතිවේ. මහජනයා බුද්ධියෙන් තොරව කටයුතු කිරීමද යම් යම් අපරාධ ක්‍රියාවන්හි වර්ධනයක් ද සිදුවනු ඇත. 

මේෂ - වැඩට බාධා

ඔබට එතරම් යහපත් නොවනු ඇත. ඔබගේ කටයුතුවලට විවිධ වූ පාර්ශවවලින් බාධා ඇතිවේ. ඔබට එරෙහිව පැවති සතුරු උවදුරු පිළිබඳව අනාවරණය කර ගැනීමට හැකියාව ලැබෙනු ඇත. ස්නායු ආශ්‍රිත පීඩාවක් ඇතිවේ.

වෘෂභ - මංගල යෝජනා

විරුද්ධ ලිංගිකයන්ගේ ආකර්ශනයට ඔබව පත්වනු ඇත. අධ්‍යාපන කටයුතුවල නිරත වී සිටින අයට ශුභඵල ගෙන දේ. අවිවාහක අයට මංගල යෝජනා ස්ථිර වනු ඇත.

මිථුන - වාහන ලාභ

ඔබට ඉතා යහපත් ඵල අත්වන අතර ඔබගේ කටයුතු සාර්ථක බවට පත්වනු ඇත. නව ඉඩමක් හෝ වාහනයක් මිලදී ගැනීමටද යහපත් වකවානුවක් වේ. සේවා ස්ථානයේ පැවති ප්‍රශ්න ගැටලුද මගහැරී යයි.

කටක - සිතේ සහනය

ඔබට ද යහපත් වන අතර සිතේ සහනය ගෙන දෙනු ඇත. සන්නිවේදන හා ලේඛන කටයුතුවල නිරත වී සිටින අයට ද යහපත් ඵල ලැබේ. තම මතයට ක්‍රියා කිරීමට යාම නිසා හිතවතුන් සිත් අමනාපකම් ඇති කරගනී.

සිංහ - වචනයේ බලය

ඔබට ද අයහපත් නොවන අතර ඔබගේ වචනයේ බලයෙන් අන් අය ආකර්ශනය කරගත හැකිවනු ඇත. අධ්‍යාපන කටයුතුවල නිරත වී සිටින අයට ද යහපත් කාලයකි.

කන්‍යා - කැපී පෙනේ

ඔබට ඉතා යහපත් වන කාලයක් වේ. අන් අය අතර කැපී පෙනෙන තත්ත්වයට ඔබව පත්වනු ඇත. ඔබ විසින් කරනු ලබන කටයුතු සාර්ථක වේ. ඔබ යම්කිසි ආකාරයක රෝගයකින් පීඩා විඳී නම් එම රෝගබාධවලින් මිදීමට හැකියාව අත්වනු ඇත.

තුලා - ස්නායු රෝග

ඔබට යහපත් නොවනු ඇත. ඔබගේ කටයුතුවලට විවිධ පාර්ශවලින් බාධා ඇතිවනු ඇත. ස්නායු ආශ්‍රිත රෝග පීඩාවක් හේතුවෙන් ප්‍රතිකාර ගැනීමට සිදුවේ.

වෘශ්චික - සමාජ සේවාවලට

ඔබගේ ලැබීම් මාර්ගවලට පැවතියාවූ බාධා දුරුවී යනු ඇත. හිත මිතුරන්ගෙන් උදව් උපකාර අත්වන අතර සමාජ සේවා කටයුතුවල නිරත වී සිටින අයට ඉතා යහපත් කාලයකි.

ධනු - රැකියා උසස්වීම්

ඔබට ඉතා යහපත් ඵල අත්වන අතර ඔබ කරන කටයුතු සාර්ථක බවට පත්වනු ඇත. රැකියාවේ උසස් වීම් බලාපොරොත්තු වූ අයගේද බලාපොරොත්තු ඉෂ්ට වේ. අන් අයගේ ආකර්ශනයට ඔබ පාත්‍ර වෙයි. 

මකර - සිතේ සහනය

අධ්‍යාපන කටයුතුවල නිරත වී සිටින අයට යහපත් ඵල ගෙන දෙන අතර ඔබ යම්කිසි නිර්මාණශීලී කටයුත්තක නිරත වන අයකු නම් ඔබගේ නිර්මාණය ඉතා උසස් ලෙස නිම කිරීමට හැකියාව අත්වේ. සිතේ සහනය ගෙන දෙනු ඇත.

කුම්භ - ඉතිරියට බාධා

ඔබට අයහපත් ඵල අත්වන අතර ඔබගේ කටයුතුවලට විවිධ වූ බාධා එල්ල වේ. දරුවන් අපේක්ෂාවෙන් සිටින අයකු නම් ප්‍රවේසම් වීම වැදගත්ය. ඉතිරි කර ගැනීමට ද බාධාවන් ගෙන දෙන වකවානුවක් ද වේ.

මීන - සේවයේ උසස් වීම්

ඔබට ඉතා යහපත් වූ ඵල ගෙන දෙන අතර කරන්නාවූ සියලු කටයුතු සාර්ථක වේ. සේවා ස්ථානයේ ද පැවතියා වූ ගැටලු මගහැරී යන අතර උසස් වීම් බලාපොරොත්තු වූ අයගේ බලාපොරොත්තු ඉෂ්ඨ වන වකවානුවක් වේ.

ජ්‍යොතිෂ නන්දන
ප්‍රවීණ ජ්‍යොතිෂවේදි ජ්‍යොතිෂාචාර්ය
රේණුක වික්‍රමසිංහ
සුවණැන ජ්‍යොතිෂ පර්යේෂණායතනය
ඔලබොඩුව, ගෝනපල

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00