2017 පෙබරවාරි 04 වන සෙනසුරාදා

පරණම ගොඩනැගිල්ලක අලුත් පන්නයේ Mirage Kings Cottage

 2017 පෙබරවාරි 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 129

 

නුවරඑළිය කියන්නේ කවදත් ලාංකිකයන් අතර ජනප්‍රිය සංචාරක ගමනාන්තයක්. ඉතින් නුවරඑළියේ සංචාරය කරන ඔබට නවාතැන් ගැනීමට තිබෙන අලුත්ම නවාතැනක් ගැනයි අද කතාබහ. ඒ තමයි ‘Mirage Kings Cottage’ හෝටලය. 

ග්‍රෙගරි වැවට මුහුණලා මනස්කාන්ත දර්ශනයක් සහිතව පිහිටලා තියෙන මේ හෝටලය ඉදිකරලා තියෙන්නේ වසර සීයකටත් වඩා පැරැණි යටත් විජිත යුගයට අයත් ගොඩනැගිල්ලකයි. මේ ගොඩනැගිල්ල ලංකාවේ පළමු අගමැතිවරයා වුණු ඩී.එස්. සේනානායකගේ සහෝදරයා වුණු එෆ්.ආර්. සේනානායකට අයත්ව තිබුණු ගොඩනැගිල්ලක් බවත් සඳහන් වෙනවා. 

මේ වාගේ අතීත වටිනාකමකුත් රැඳී තිබෙන මේ ‘Mirage Kings Cottage’ හෝටලය සත්කාර සේවා ලෝකයට පිවිසෙන්නේ ඊට අවශ්‍ය නූතනත්වයත් සහිතවයි. ගිය දෙසැම්බරයේ විවෘත කෙරුණු මේ වික්ටෝරියානු සම්ප්‍රදායේ හෝටලයේ විශාල ප්‍රමාණයේ ද්විත්ව කාමර පහක්, Suits පන්නයේ කාමර දෙකක්, සිව්දෙනකුට නවාතැන් ගත හැකි කාමරයක් හා ෆැමිලි කාමර තුනක් තිබෙනවා. 

ඒ වගේම නුවරඑළිය හෝටලයක තිබිය යුතු සියලු පහසුකම් උදාහරණ විදිහට උණු ජලය, හීටර්ස්, සැටලයිට් ටීවී, මිනි බාර්, සේෆ්ටි ලොකර්ස් ආදිය එහි දකින්න ලැබෙනවා. 

ආහාරපාන ගැන කතාකිරීමේදී ඉතා හොඳ දේශීය ආහාර රුසක් ඔවුන් පිරිනමනවා. නමුත් කැමැත්ත පරිදි යුරෝපීය, චීන, ඉන්දියානු, ඉතාලි ආහාර පවා ලබාගන්න පුළුවන්. 

♦ සනත් වීරසූරිය
සේයා රූ - නීල් සිරිවීර

 

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00