2018 සැප්තැම්බර් 08 වන සෙනසුරාදා

මගේ වැදි බණ

 2018 සැප්තැම්බර් 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 150

ආණ්ඩු විරෝධී ජනතා රැලි. මේ දවස්වල ලොකුම මාතෘකාව. ඇත්තටම අපේ රටේ තියෙන්නේ ආණ්ඩු විරෝධි ජනතා රැලිද? ඒක හැමෝටම ප්‍රශ්නයක්. කට්ටියක් කියයි ඔව් කියලා. තව කට්ටියක් කියයි නෑ කියලා. තවත් අය කියයි අනේ මන්දා කියලා. ඒත් අපි බලමු ආණ්ඩු විරෝධී ජනතා රැලි මොනවද කියලා..

සාමාන්‍යයෙන් ලෝකයේ ජනතා කැරලි එන්නේ නොහිතුණු වෙලාවල්වල. එක්කෝ ආර්ථික පීඩනය, නැත්තන් මානව අයිතිවාසිකම් වෙනුවෙන්, එහෙමත් නැතිනම් යුද විරෝධී මතවාද වෙනුවෙන්, නැත්‍තන් අධ්‍යාපනය වෙනුවෙන් වගේ කාරණා හේතු කරගෙන. වීදියක් වීදියක් ගානේ ජනතාව පාරට බැහැලා එක හඬින් ඉල්ලන්නේ ඒ තමන් ඉල්ලන දේ ලබාදෙන්න කියලා. පාලකයෝ නෙමෙයි ඒවා සංවිධානය කරන්නේ. ඒවා සංවිධානය කරන්නේ ජනතාවමයි. එකා දෙන්නා එකතු වෙනකොට ඉබේටම හැමෝම එකී ඉල්ලිම වෙනුවෙන් පෙළ ගැහෙනවා. අවසානයේ මහා ජනතා විරෝධතා බවට පත්වෙනවා. ඒත් අපේ රටේ එවැනි විරෝධතා තියෙනවද?

අපේ රටේ හැමදාම තිබ්බේ ආණ්ඩුවට එරෙහි විපක්ෂයේ උද්ඝෝෂණ. මොකක් කියලද? අයිතිවාසිකම්, මූලික අවශ්‍යතාවලට මුල් තැන හිමි තැන දෙන්න කියලද? එහෙම නැත්තම් සිස්ටම් එකට අනුව රට කරන්න කියලද? නෑ හැමදාම විපක්ෂයේ අය කිව්වේ අපිට ආණ්ඩු බලය දෙන්න කියලා. අපි කරන්නම් කියලා. ඒ අය බලයට ආපුවම ආයි විපක්ෂයේ අය කියනවා අපිට බලය දෙන්න කියලා. හැමදාම මේ බලය ඒ ඒ අය හුවමාරැ කරගන්න සටන් කරනවා මිසක් බලය ජනතා සුබසිද්ධිය වෙනුවෙන් යොදවන්න කාටවත් උනන්දුවක් නෑ.

දැන් බලන්න මේ උද්ඝෝෂණවල සටන් පාඨ? මේවා ජනතාවගේ සටන් පාඨද? මේ ජනතාවගේ දුකද? නෑ කොහෙත්ම නෑ. මේ ඔක්කොම දේශපාලන බලපෙරළිවල සටන් පාඨ. අපි ජනතාව හැටියට ඉන්නෙ ප්‍රශ්නයක. ඒ ප්‍රශ්නයට විසඳුමක් ගන්නයි අපි පාරට බහින්න ඕනේ. ඒත් වෙන්නේ මොකක්ද? අපිව පාරට ගෙනල්ලා පාලකයෝ අපිව මත් කරනවා. ගොඩක් මිනිස්සු සිහි නැතිවෙන්න බොනවා. බීලා නටනවා. විනෝද වෙනවා. ඒත් අපේ ප්‍රශ්නය එහෙමමයි. වෙනසක් ඇත්තෙම නෑ.
නැවත උද්ඝෝෂණය ඉවර වෙලා ගෙදර ගියහම ගෑනු දරැවෝ තවමත් එදා හිටිය ප්‍රශ්නෙමෙයි. පාලකයෝ නැවතත් සුපුරැදු ගනුදෙනුවේ යනවා. එයාලා කනවා බොනවා එකට. අපි දාඩිය දාගෙන මැරිලා ගෙදර යනවා. ජනතා අරගලය ඉවරයි.

ඉතින්..

අපි මොනවද අපිට කියලා දෙයක් දින්නේ. අපි කවද්ද අපිට කියලා දෙයක් දිනන්නේ. නෑ කවදාවත් අපිට දෙයක් නෑ. අපිට දෙයක් ගන්න නම් මේ රට සිස්ටම් එකකට එන්නම ඕනේ. ඒක ජාතික ප්‍රතිපත්තියක්. අන්න ඒ ජාතික ප්‍රතිපත්තිය ආපු දවසට රට යන්නේ කාටවත් පක්ෂයකටවත් ඕන විදිහට නෙමෙයි. රටට ඕන විදිහට. එදාට කාටවත් ඒ සිස්ටම් එකට පිටින් යන්න බෑ. ගියොත් ඒ අයට වගකියන්න වෙනවා සමාජයට. ලෝකයේ දියුණු රටවල්වල තියෙන්නේ පක්ෂ නෙමෙයි. පක්ෂ ප්‍රතිපත්ති නෙමෙයි. සිස්ටම් එකක්. සිස්ටම් එකෙන් අවුල් යන එක්කෙනා අස්වෙලා ගෙදර යනවා. බලන්න බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව වගේ රටවල අගමැතිවරැ සිස්ටම් එක අවුල් ගිය ගමන් යන හැටි. ඒ තමයි මහත්මා දේශපාලනය. මෙහේ වෙන්නේ පොරොන්දු කන්දක අපිව හිර කරලා නායකයෝ කර උඩින් එයාලගේ තැන්වලට ගිහින් අපිට කොකා පෙන්නනවා. අපි කොකා දැකලා නොකා නිදාගන්නවා. දැන්වත් ජනතාව කවුද කියලා ජනතාව තේරුම් ගන්න ඕනේ.

මම
බ්‍රෝ

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00