2018 අගෝස්තු 04 වන සෙනසුරාදා

රස වෑහෙන කුකී බාර් ටොෆී හොඳම එකතුවක්

 2018 අගෝස්තු 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 128

HoneyBee Desserts කියන්නේ ගෙදරදීම හදන රසවත් ටොෆී සහ කුකී බාර් වර්ග එකතුවක්. ඉහළම තත්ත්වයේ අමුද්‍රව්‍ය යොදාගෙන හදන මේ කුකී වර්ග ඉතාමත් රසවත්. මේවායේ පිරවුම, නිමාව වගේම සෝස් වුණත් ඉතාම හොඳ මට්ටමේ තියෙනවා.

මෙතැන තිබුණු විවිධ කුකීස් අතරින් Caramel Snickerdoodle තමයි මගේ වඩාත්ම සිත්ගත් කුකී ඒක. මේක අනිත් කුකීවලින් වෙනස් වුණේ ගෙදරදීම හදාගත්තු රසවත් කැරමල් යොදාගෙන තිබුණු නිසායි. ඒ වගේම වයිට් චොක්ලට් සැරසිල්ලත් සිනමන් ෂුගර් යොදාගැනීමත් හින්දා ලොකු විශේෂත්වයක් ඒකේ ගැබ්වෙලා තිබුණා.

Salted Caramel කියන්නේත් මෙතැනදී ඉතාම හොඳ තේරීමක්. සීනි සහ ලුණු කියන එකිනෙකට පරස්පර රස දෙකට හරිම හොඳ මුසුවකින් එකට ගැටගහලා පිරිනමලා තිබෙන ආකාරය විශ්මයජනකයි! ඒ අතරට වයිට් සහ මිල්ක් චොක්ලට් චිප්ස් යොදාගෙන තියෙන නිසා කුකී ඒකේ ටෙක්ස්චර් එකත් හරිම සිත්ගන්නා සුලුයි. Spiced Caramel Apple Crumble කුකී එක හදලා තියෙන්නේ ඕට්ස් යොදාගනිමිනුයි. ඊට අමතරව හොඳට ස්ටූ කරපු ඇපලුත් ඒකට භාවිතා කරලා තියෙනවා.  Chocolate Macaroon කියන්නේ ඩාක් චොක්ලට් පාවිච්චි කරලා හදපු තවත් කුකී වර්ගයක්. කුකී පිටි සහ පොල් අතරට මැදිවුණු ඩාක් චොක්ලට් අමුතුම රසයක් ගෙනදෙනවා. 

මීට අමතරව Red Velvet සහ Cookies and Cream ආදී විවිධ රස කැටි කරගත් කුකී ගොඩක් මෙතැනදී ලබාගන්න පුළුවන්. HoneyBee Desserts ගැන වැඩිදුර තොරතුරු එයාලගේ ෆේස්බුක් පිටුවේ සඳහන් වෙනවා.

♦ නටාෂා ප්‍රනාන්දුපුල්ලේ
   කණිෂ්ක ගනේවත්ත

 

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00