2018 අගෝස්තු 04 වන සෙනසුරාදා

HIT TIPS

 2018 අගෝස්තු 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 48

ආසියානු ආහාර සැණකෙළියක්

Thoroughbreds විසින් සංවිධානය කරන South East Asia Food Festival අගෝස්තු 11 වැනිදා පස්වරු 6 ඉඳන් 11 වනතුරු කොළඹ 07 ජාත්‍යන්තර කාන්තා සංගමයේදී පැවැත්වෙනවා. එතැනදී ජපානය, කොරියාව, වියට්නාමය, ඉන්දුනීසියාව සහ තායිලන්තය කියන රටවලට ආවේණික ආහාර පාන රසවිඳීමේ අවස්ථාව හිමිවෙනවා. 


තලවතුගොඩ පරිසර චාරිකා

පාසල් සිසුන් අතර පරිසරය ගැන සොබාදහම ගැන තිබෙන දැනුම දිගින් දිගටම අඩුවීගෙන යාම වැළැක්වීමේ අදහසින් ශ්‍රී ලංකා වනජීවි සහ ස්වභාවික ආරක්ෂණ සංගමය (WNPS) අපූරු වැඩසටහනක් සැලසුම් කරලා තියෙනවා. ඒ යටතේ තලවතුගොඩ දියසරු උද්‍යානයේදී කුඩා ළමුන් වෙනුවෙන් පරිසර චාරිකා වැඩසටහනක් පැවැත්වෙනවා. අගෝස්තු 12 වැනිදා සිට නොවැම්බර් මාසය දක්වා පැවැත්වෙන මේ වැඩසටහන් පෙළට පුංචි මුදලක් ගෙවලා සහභාගි වෙන්න ඕනෑම කෙනෙක්ට පුළුවන්. වැඩි විස්තර WNPS ඇමතීමෙන් ලබාගන්න පුළුවන්.