2018 අගෝස්තු 04 වන සෙනසුරාදා

විදුලියෙන් පරෙස්සම් වන්න

 2018 අගෝස්තු 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 237

2018 අගෝස්තු මස 7 වැනි කුජ දින ග්‍රහ මණ්ඩලයේ ක්ෂණික විපත් ඇති කරන ග්‍රහයා වන යුරේනස් මේෂ රාශියේදී කේතුට අයත් අස්විද නැකතේ 3 වැනි පාදයෙන් ආපසු ගමන් අරඹනු ඇත. එලෙස 2019 ජනවාරි 7 වැනි දින දක්වාම යුරේනස් මේෂ රාශියෙන් වක්‍රව ගමන් කරනු ඇත. 

අප රට කෙරෙහි අවධානය යොමු කිරීමේදී බලාපොරොත්තු රහිත වූ ක්ෂණික විපර්යාස හා විපත්වලට ජනතාවට මුහුණ දීමට සිදු වේ. මෝටර් රථ, ව්‍යාපාරික ස්ථාන විශාල ගොඩනැගිලි, බඩු ගබඩා ස්ථාන හා දුම්රිය ආශ්‍රිතව හදිසි ගිනි ගැනීම් වාර්තා වෙයි. බිහිසුණු දුම්රිය අනතුරක් වාර්තා වනු ඇත. යාත්‍රා අනතුරට පත් වීමත්, පිපිරීමක් හෝ ගිනි ගැනීමක් ද සිදු වේ. නීතිය විසඳන ප්‍රවීණ නීතිවේදියකුට මාරක ඇතිවනු ඇත. ධීවර ගැටලුවක් දුරදිග යයි. තැපැල්, විදුලි, සන්නිවේදන, දුම්රිය සේවක ප්‍රශ්නයක් වැඩ  වර්ජනයක් දක්වා දිග්ගැසේ. විශේෂයෙන් මෙම කාල වකවානුව මහජනයාට පීඩා ඇති කරවමින් පාලනය කළ නොහැකි අන්දමට ගැටුම් ඇති වීමත් මහා මාර්ග අනතුරැ වැඩි වීමත් වාර්තා වේ. ගංඟා, මුහුදුවල දිය නෑමේදී  හදිසි අනතුරු ඇතිවේ. එසේම විදුලිය පරිහරණය කිරීමේදීත් ඉතා පරිස්සම් විය යුතු අතර අකුණු සැර අවධානම ද ඉහළ යන කාලයක් ද වේ.

විදේශීය වශයෙන් විමසා බැලීමේදී එංගලන්නය, ජර්මනිය, පලස්තීනය, සිරියාව, ජපානය යන රටවල විවිධ මහජන කැළඹීම් ඇතිවනු ඇත. වෙළඳ ආයතන හා මහජන ගොඩනැගිලි, උස ගොඩනැගිලි හදිසියේ ගිනි ගැනීම්වලට ලක්වේ. ත්‍රස්ත ප්‍රහාර වර්ධනයක් ද රජයට විරුද්ධ විප්ලවකාරී තත්ත්වද, වැඩ වර්ජන ද, මහජන  කැළඹීම් ද ඇතිවන කාල වකවානුවක් වනු ඇත.

මීළඟට ඔබට 

මේෂ - ලේ සෙලවීම්

හදිසි ශරීර පීඩාවක් මත ලේ සෙලවීමක් සිදුවිය හැකි බැවින් ප්‍රවේසම් වීම වැදගත්. ඔබගේ සිතද ප්‍රශ්නවලින් පිරී යන අතර විවිධ අවස්ථාවලදී ආවේගශීලීව කටයුතු කිරීමක් සිදුවන බැවින් ඉවසීමෙන් කටයුතු කරන්න.

වෘෂභ - සතුරු පීඩා

ඔබට ද යහපත් නොවන කාලයක් වේ. දුර ගමන් යාමේදී පරිස්සම් වීම වැදගත් වනු ඇත. සතුරු පීඩා ද වැඩි වකවානුවක් වන අතර විශාල මුදල් පාඩු ද ලබනු ඇත.

මිථුන - පවුලට බලපෑම්

දේශපාලන කටයුතුවල නිරත වී සිටින අයට අයහපත් ඵල ඇතිවන අතර තම හිතවතුන් තමා සමඟ සිත් අමනාපකම් ඇතිකර ගනු ඇත. හවුල් කටයුතුවලට ද අයහපත් බලපෑම් උද්ගත වේ.

කටක - ශරීර පීඩා

ඔබගේ සේවා ස්ථානයේදී ඔබට යම් ශරීර පීඩාවක් ඇතිවිය හැකි බැවින් කල්පනාවෙන් කටයුතු කළ යුතුවේ. රථ වාහන අනතුරු ද ඇති විය හැකි බැවින් පරිස්සම් වන්න.

සිංහ - පොත්පත් සුරැකීම

ඔබට අයහපත් නොවූවද ලේඛන කටයුතුවල නිරත අය තමාගේ ලේඛන හදිසියේ යම් හේතු මත විනාශයට පත්විය හැකි බැවින් අවධානය යොමු කරන්න.

කන්‍යා - මුදල් හානි

ඔබට අයහපත් වන අතර හදිසි අනතුරුවලින් ප්‍රවේසම් විය යුතු වේ. ඔබගේ සතුරන් ඔබට එරෙහිව කුමන්ත්‍රණ කරනු ඇත. විශාල මූල්‍යමය පාඩුවක් ද ඔබට අත් වේ.

තුලා - පවුලේ අවුල්

ඔබගේ පවුලේ සාමාජිකයන් අතර යම් යම් අර්බුදකාරී සිදුවීම් ඇතිවනු ඇත. ව්‍යාපාරික කටයුතුවල නිරත අයකු නම් ඔබගේ ව්‍යාපාරයට හදිසි විපතක් ඇති විය හැකි බැවින් අවධානයෙන් සිටීම වැදගත් වේ.

වෘෂ්චික - රිය පැදවීම පරිස්සමෙන්

ඔබට හදිසි ශරීර  පීඩා අතිවන අතර ගමන් යාමේදී කල්පනාකාරී වන්න. සතුරු පීඩා ද ඇතිවන අතර මෙම වකවානුව තුළ රිය පැදවීම් කිරීමේදී පරිස්සම් වන්න.

ධනු - ගැටලුවලට විසඳුම්

ඔබට එතරම් අයහපත් බලපෑමක් නොමැති අතර ඔබගේ කටයුතු වෙනදා මෙන් කරගෙන යාමට හැකි වනු ඇත. ගැටලුවලට නිසි විසඳුම් යොදා ගැනීමට සමත් වනු ඇත.

මකර - හදවත් රෝග

ඔබගේ පදිංචි ස්ථානය ආශ්‍රිතව යම් ප්‍රශ්න හා අසල්වැසියන්ගෙන් ද ගැටලු ඇති වීම් ද වන වකවානුවකි. සිතේ අර්බුද වැඩි වන අතර හෘදය ආශ්‍රිත පීඩාවක් මතුවනු ඇත.

කුම්භ - උපකරණ භාවිතය පරිස්සමෙන්

සන්නිවේදන කටයුතුවල නිරත වී සිටින අයට අයහපත් බලපෑම් ඇතිවන අතර තම උපකරණ භාවිතා කිරීමේදී ඒ පිළිබඳව කල්පනාකාරීව කටයුතු කිරීම වැදගත් වනු ඇත.

මීන - ලේ රෝගයක්

ඔබගේ ධනය යම් කිසි ආකාරයක හේතුවක් මත විනාශ වී යා හැකි බැවින් ඒ පිළිබඳව අවධානය යොමු කළ යුතු වේ. පවුල් දිවියේ ද යම් යම් ප්‍රශ්න ඇතිවනු ඇත. ලේ ආශ්‍රිත පීඩාවක් මතුවන වකවානුවකි.

 

ජ්‍යොතිෂ නන්දන
ප්‍රවීණ ජ්‍යොතිෂවේදි ජ්‍යොතිෂාචාර්ය
රේණුක වික්‍රමසිංහ
සුවණැන ජ්‍යොතිෂ පර්යේෂණායතනය
ඔලබොඩුව, ගෝනපල

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00