2018 ජුලි 28 වන සෙනසුරාදා

මගේ වැදි බණ

 2018 ජුලි 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 83

තරුණ ප්‍රජාව ඇයි ජීවිතේ නැති කරගන්නේ. අනේ මන්දා නේ... ඇහුවොත් දෙන්න පුළුවන් සරලම පිළිතුර, නැත්තන් මුන්ට පිස්සු ඕයි කියන්න පුළුවන්. හැබැයි මේ හැම කතාවක් පිටිපස්සෙම ජීවිතේ ෆේල් කරගත්‍ත උන් ඉන්නේ.

ඇයි මේ ජීවිතේ නැති කරගන්නේ. හොඳ සිහියක්ද? විකෘති මානසිකත්වයක්ද? එහෙමත් නැතිනම් මානසික අසහනයක්ද? ඇත්තම කතාව තමයි තරුණ ප්‍රජාව ජීවිතේ නැති කරගන්නේ තමන්ගේ ලයිෆ් එක මැනේජ් කරගන්නේ නැති නිසා. දැන් බලන්න අපේ තරුණ ප්‍රජාව කොච්චර ලස්සනද? තරුණයෝ හයේ හතේ පොරවල්. අත් වංගෙඩි වගේ, තරුණියෝ බලන්න, ලස්සන මූණ, හම කිරිපාටයි, ඇඟ පසඟ ෂේප්. හරි දැන් බලන්න මේ දේවල් උපතින් ආපු දේවල්ද? නෑ. මේ දේවල් හදාගත්ත දේවල්.

ටවුමකට යන්න, අඩියෙන් අඩිය රූපලාවන්‍යාගාර, ඇඟ හදාගන්න ජිම්. ඔය තැන්වල අයිති අයගෙන් විස්තර අහන්න. “අම්මෝ ගොඩක් බිසී අනේ. කස්ටර්මස්ලා කොයි වෙලෙත්” අහපු ගමන් කියන්නේ ඕක. ගිහින් අහන්න ප්‍රාදේශීය සභාවේ පුස්තකාලෙන්, එහෙමත් නැතිනම් පත්තර කියවන්න තියෙන තැනකින්. “අනේ නෑ. උදේට වයසක අංකල්ලා දෙතුන් දෙනෙක් එනවා පත්තර බලන්න” ඔන්න ඔය ටික අහන්න වෙයි. ඔක්කොම අමතක කරලා උදේට ටීවි එක දාන්න කී දෙනෙක්ව අන්දනවද? කන්න උයනවද? ඒ නිසා මේ රටේ වැඩිපුර තියෙන්නේ ඇඟ හදාගන්න, මොළේ හදා ගන්න තැන් හරි අඩුයි. තිබ්බත් යන පිරිස අඩුයි. මේ නිසා මානසිකව තරුණ ප්‍රජාව ඇද වැටුණම මේ මොළය යොදාගෙන ප්‍රශ්න විසඳගන්න උත්සාහ ගන්න හදන්නේ නෑ. හදන්නෙම කෙටි පිළිතුරු හොයන්න. මේ නිසා ජීවිතයට සිදුකරගන්න හානිය වැඩියි. මේ නිසා උන් සරලම පාර විදිහට තෝර ගන්නේ ජීවිතේ හානිකරගන්න එක. ඒක මේ ප්‍රශ්න වලට සරලම පිළිතුර කියලා හිතනවා.

ඊළඟ කාරණය මේ තරැණ ප්‍රජාවට ජීවිතේ බෙදාගන්න විශ්වාස කෙනෙක් නෑ. සමීප අය නෑ. එක්කෝ අම්මා තාත්තා නෑ. නැත්නම් ඉන්නවා ඈතයි සම්බන්ධය. හරි හමන් යාළුවෙක් නෑ විසඳුමක් ගන්න. ප්‍රශ්න විශ්වාස කරලා කියන්න බිරිඳක් ප්‍රේමවන්තියක් නෑ. ඒ විතරක්ද ඔළුව ප්‍රශ්න එක්ක පොර බදින්නේ මානසික ශක්තියක් නෑ. එතනදී හිතින් උත්තර හොයනවා. හිත මහා දරුණු තැනක්. පුළුවන් මිනිහෙක්ව නැති කරන්න. ඒ බව නොදැන මොළේ වෙනුවට, හිත යොදවලා කඩා වැටිලා ජීවිතේ අකාලේ නැති කරගන්නවා.

ගොඩක් අය බලන්න මැරිලා තියෙන්නේ එක්කෝ ප්‍රේම සම්බන්ධයක් නිසා. නැත්නම් ණය නිසා. මේ දෙකම හේතුව ලයිෆ් එක මැනේජ් නොකර ගැනීම. ඒ නිසා ලයිෆ් එක එන්ජෝයි කරනකොට පරිස්සමින්. සීමාව තමන් විසින් ඇඳගන්න. සීමාව පැන්නුවම පාලනය කරගන්න අමාරුයි. එතනින් පස්සේ බ්‍රේක් අවුල් ගිය වාහනයක් වගේ. වද්ද ගන්නවාමයි ලයිෆ් එක කනුවක. ඩැමේජ් එක් පොඩි වෙන්න පුළුවන් ලොකු වෙන්න පුළුවන්. ඒ නිසා එන්ජින් කැපෑසිටි එක අනුව වැඩ දාන්න.

හොඳ එන්ජිත් තිබ්බා කියලා වැඩකුත් නෑ. ඒ එන්ජිම වැඩදාන්න පුළුවන් තැනක තියෙන්නත් ඕනේ. ඒකට බොඩි පේන්ට් එක නෙමෙයි වැදගත් වැටෙන තෙල් වලයි වැදගත්. තෙල් ඔළුවට වැටෙන්නේ අපි ෆලෝ කරන දේවල් අනුව. පොත්පත් වගේ දේවල්. ඒ නිසා හැමෝම ලයිෆ් එක මැනේජ් කරන්න ගන්න. ඇඟ නෙමෙයි මැනේජ් කරන්න ඕනේ ඔළුව. ඔළුව හරි නම් වැඩේ හරියටම හරි.

►මම
බ්‍රෝ

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00