2018 ජුලි 28 වන සෙනසුරාදා

ශිෂ්‍යත්ව සහ උසස් පෙළ විභාගවලට පිටත්වීමට ශුභ නැකැත්

 2018 ජුලි 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 200

අගෝස්තු මස 5 ඉරිදා පැවැත්වෙන 5 වසර ශිෂ්‍යත්ව විභාගයට සහ අගෝස්තු 6 දින සිට සැප්තැම්බර් 01 දා දක්වා පැවැත්වෙන උසස් පෙළ විභාගයට ඉදිරිපත් වන දරැවන් නිවසේදී උදේ 6.00 – 7.00 අතර ත්‍රිවිධ රත්නය වැඳපුදා ශ්‍රී විෂ්ණු දෙවිඳුට, ශ්‍රී කතරගම දෙවිඳුට, ශ්‍රී ගණ දෙවිඳුට, සරස්වතී දේව මාතාවට, මහා බ්‍රහ්ම දෙවිඳු ඇතුළු සියලුම දෙවියන්ට පින් දී සෙත් පතා මව්පිය වැඩිහිටියන් නැමැද අප දී ඇති ශුභ හෝරාවලින් පිටත් වන්න. එසේම පහත සඳහන්,

බුද්ධො තිලොක සරණො, බුද්ධො සුරියො තමොනුදො
එවං තං සරණං ඛෙමං, බුද්ධො මෙ සරණං වරං
ගච්ඡාමි සරණං බුද්ධං නත්ථි මය්හං භයං සදා

ධම්මෝ තිලොක සරණො, ධම්මො සුරියො තමොනුදො
එවං තං සරණං ඛෙමං, ධම්මො මෙ සරණං වරං
ගච්ඡාමි සරණං ධම්මං, නත්ථි මය්හං භයං සදා

සංඝො තිලොක සරණො, සංඝො සුරියො තමො නුදො
එවං තං සරණං ඛෙමං සංඝො මෙ සරණං වරං
ගච්ඡාමි සරණං සංඝං, නත්ථි මය්හං භයං සදා

ජයො මුනින්දස්ස සුබොධි මූලෙ - අහොසි මාරස්ස පරාජයෝහි
උග්ඝොසයුං දෙව ගණා පසන්නා - එතෙන සච්චෙන ජයස්සු මය්හං

යන ගාථාව කියා

නමෝ ශ්‍රී බුද්ධි ජය ජය එස්වාහඃ  යන පාඨය තෙවරක් කියා මට ජයක්ම වේවායි! අධිෂ්ඨානයෙන් ගමන් අරඹන්න.

විභාග ශාලාවේදී ලිවීමට පෙර &නමෝ ශ්‍රී බුද්ධි ජය ජය එස්වාහඃ* යන පාඨය තෙවරක් කියා පිළිතුරැ ලිවීම ආරම්භය ශුභයි.
ඔබට ජයක්ම වේවා!
මෙම සියලුම නැකැත් කොළඹට ඉර උදාව අනුව සකස් කර ඇත. වෙනත් නගරවලට ඉර උදාව වෙනස අනුව නැකැත් සකස් කර ගන්න.

සාම විනිසුරු,
විශ්‍රාමලත් ග්‍රාම නිලධාරී,
ජ්‍යොතිෂ උපදේශක, ජ්‍යොතිර්වේදී ගෞරව, 
පී.එම්. මුදලිගේ,
ජයමිණි හප්පාවන, වංචාවල

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00