2018 ජුලි 14 වන සෙනසුරාදා

තලේබාන් වළාවෙන් වැසී යන කාබුල් සඳ මඩල

 2018 ජුලි 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 216

ටියුලිප් මල් වසාගෙන 
පිපෙන පොපි මල් ගොම්මනට
කාෂ්ටක කන්දහාරේ දුෂ්ට
තලේබාන් සුළඟක්
එක්කාසු කරනවා 
අකැප වචනවල විලාපය
(ඒ කවිය සහ ප්‍රේමය)

රබීයා 
මුලින්ම නිසල කළ මුල්ම කිවිඳිය
ශිෂ්ටාචාරයක් සසල කල
ඇෆ්ගන් පෙම් පුරාවත
ලේවලින් ලියා තැබුවා 
ඈ ලියූ අවසන් පෙම් කව
ඒ දහස් වසකට පෙරාතුව
රබීයාට පස්සෙ මේ මෑත 
නාඩියා සමීනා වාගෙ තව
හඬක් ඇති උන් හුඟක් අය
කවිත් එක්කම මරා දැම්මා 
හඬක් විතරක් ඉතිරි කර
කවියක් ලිවීමම අවියක්
එක්තරා විදිහක වරදක්
ගල්ගසා - මරා දැමීමට කරුණක්
අකුරු සතුරු ඇයි - ගෑනුන්ට විතරක් 
තාලේබාන් සුළඟකට 
පවා අවනත නොවන
රචකයෙක් නැති ලන්ඩායි කවියක්
පාවෙන එකමද උන්ට ඇති එකම නිදහස?

හැමදේකටම පස්සෙත් 
හැමෝම කවියන්
රුධිරයෙන් විතරක්ම ප්‍රේමයන් දිගෑරෙන
කාබුල් නගරයේ සැඳෑවන්
මුවහතින් සංහාරය කොට
‍කෙළසා දැමිය හැකිද ඒ
කාබුල් ප්‍රේමයේ සිනාවන්

මාර්ක් - ආඛ්‍යාන 

(ලන්ඩායි කවි - පෂ්ටු බසින් පේළි දෙකකින් ලියැවෙන, රචකයන්ගේ නම් හෙළි නොකරන හයිකු වැනි ඇෆ්ගන් කෙටි කවි සම්ප්‍රදායකි) 

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00