2018 ජුලි 14 වන සෙනසුරාදා

හිනාවට ඉඩ දෙන්න

 2018 ජුලි 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 189

දෑගිලි අතර පාළුව නෑර
හිරකර තදට ආලය දුමට
වීදුරු අතර මත් වුණු විටක
කවුරුන්ද නුඹ? මතකද නුඹට

කුඩ්ඩෙක්
බේබද්දෙක්
සුරා සො‌ඬෙක්
කණමදයෙක්
කැමතිද ඊට....

ඒත් 
පියෙක්
සැමියෙක් 
අමතක ද නුඹට?

සාක්කුව හිස්ය
සතුටත් හිස්ය
බෝතලේ හිස්ය
ජීවිතෙත් හිස්ය....

තොල්පටත් කළුය
හදවතත් කළුය
චරිතයත් කළුය....

කදුළු මත්තේ හීන දකින
සුරතල් තම දෝනියන්ට
හිනා වෙන්න ඉඩක් දෙන්න.....
නවතින්න
නවතන්න

යුතුකම් ටික ඉටුකරන්න
පෙම්බර තම බිරින්දෑට
හිනා වෙලා ළඟින් ඉන්න
ඉඩහසරක් ලබා දෙන්න....

නවතින්න
නවතන්න

කළු චරිතය සුදු කරන්න
මළ මිනියක් නොවී ඉන්න
විශ්වාසය ගොඩනඟන්න
පුංචි ඉඩක් ලබා දෙන්න.....

පමානැතිව සිනාවෙන්න
නවතින්න නවතන්න
මත තිත තිත මත තිතට මත මතට තිත

 ►බෝදාගම සුමන හිමි

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00