2018 ජුලි 14 වන සෙනසුරාදා

Giovanni පිට්සා රජමැඳුරෙන් අලුත් වැඩක් Francesco’s

 2018 ජුලි 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 110

කොළඹ නගරයේ හොඳම පිට්සා පිරිනමන Giovanni අවන්හලේ හිමිකරු වන දිමුතු අලුත් අවන්හලක් පටන් අරගෙන තියෙනවා. තවත් ඉතාලි ආරේ අවන්හලක් වන මෙය Francesco’s කියලා නම් කරලා තියෙන්නේ දිමුතුගේ පුතාගේ නම අනුවයි.

කොළඹ ජාවත්ත පාරේ පිහිටි මේ අවන්හල විවෘතව තියෙන්නේ සිකුරාදා සිට සඳුදා දක්වා පමණයි. සරලව කිව්වොත් සති අන්තයේ විතරයි. Panini/ Anti Pasti Platters/ Toast and Meat/ Pasta වගේ ආහාර වර්ග මෙතැනදී රස විඳින්න පුළුවන්. ඊට අමතරව ඉතාලියානු මස් වර්ග, චීස්, පැස්තා වගේ දේවල් මෙතැනින් මිලදීගන්නත් අවස්ථාව තියෙනවා. 

මෙතැනදී අපි මුලින්ම රස වින්දේ Café Bombón කියන කිරි තට්ටුවක් සහිත එස්ප්‍රෙසෝ කෝපි කෝප්පයක් සහ නටෙලා දාපු ෂේක් එකක්. එස්ප්‍රෙසෝ එකක තිබිය යුතු සුපුරුදු තද සැර ගතිය ඒ විදිහටම තියෙද්දි කිරි නිසා අමුතු ස්වීට් ගතියකුත් කෝපි කෝප්පෙට එකතු වෙලා තිබුණා. නටෙලා ෂේක් එකත් ගොඩක් රසවත්. 

මෙතැන ආහාර වර්ග දවසින් දවස වෙනස් වීමත් අපූරු අත්දැකීමක්. ඒ මොහොතේ තිබෙන අමුද්‍රව්‍ය සහ ඔවුන්ට දැනෙන හැඟීම අනුව තමයි කෑම නිර්මාණය කෙරෙන්නේ. ඒක වෙනස් තාලේ අත්දැකීමක්.

අපි ආහාර ගැනීම පටන්ගත්තේ Antipasti Platter එකකින්. ඒකේ මොසරැල්ලා චීස්, ඉතාලි සලාමි, පෙපරෝනි, ඔලිව් ඔයිල් ඉහපු ෆොකේෂියා පාන් කැබලි කිහිපයක්, බදින ලද අර්තාපල්, නැවුම් රොස්මෙරි, ඉතාලියානු වියළි තක්කාලි, බ්ලූ ස්ටිල්ටන් චීස්, බ්ලැක් සහ ග්‍රීන් ඔලිව්ස්, තක්කාලි සහ බැසිල් යොදාගෙන මේ ප්ලැටර් එක හදලා තිබුණා. 

ඊට පස්සේ ෆොකේෂියා පාන් දාලා හදපු Panini වලත් රස බැලුවා. ඒක ඇතුළට තක්කාලි, සලාමි සහ චීස් යොදලා තිබුණා. නියම එකමුතුවක්! ඊට අමතරව Matriciana සහ Porcini Risotto වගේම ස්ට්‍රෝබෙරි යෙදූ චොක්ලට් කේක් කැබැල්ලක රසත් බැලුවට පස්සෙ තමා අපි අවන්හලෙන් එළියට ආවේ.

නටාෂා ප්‍රනාන්දුපුල්ලේ
සේයාරූ - කණිෂ්ක ගනේවත්ත

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00