2018 ජුලි 14 වන සෙනසුරාදා

ලිබර්ටි ප්ලාසා කොමික් පොත්හල Red Dot Geek

 2018 ජුලි 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 132

චිත්‍රකථා එහෙමත් නැත්නම් comics කියන්නේ වයස් භේදයකින් තොරව අපි හැමෝම ආසා කරන විනෝදය පිරුණු පොත් වර්ගයක්. ඒ වගේ හොඳ කොමික් පොත් ජාත්‍යන්තර මිල ගණන්වලටම අලෙවි කරන තැනකට අපි පහුගිය දවසක ගොඩවුණා. කොළඹ ලිබර්ටි ප්ලාසා ඒකේ පළවෙනි තට්ටුවේ තියෙන මෙතන නම Red Dot Geek. 
කොමික් පොත්වලට අමතරව ග්‍රැෆික්ස් නවකථා වගේ ඒවත් මෙතැන තියෙනවා. ඒ වගේම චිත්‍රකථා පොත්වල ඉන්න වීරයන්ගේ පුංචි පුංචි අනුරූ විශාල ප්‍රමාණයකුත් දකින්න ලැබෙනවා. ඊට අමතරව කැමති එකක් එයාලගේ ෆේස්බුක් පිටුව හරහා කල්තියා ඇනවුම් කරන්නත් පුළුවන්.

අනික් විශේෂත්වය තමයි පිටරට කොමික් පොත්වලට අමතරව අපේ රටේ අයගේ කොමික් නිර්මාණත් මෙතැන තියෙනවා. උදාහරණ විදිහට සචී එදිරිවීරගේ Lionborn සහ තිලානි සමරසිංහගේ EZTRA – ORDINARY පොත් දෙක මට දකින්න ලැබුණා. 

මෑතක විවෘත කරපු මෙතැනට දැන් දැන් හොඳ ඉල්ලුමක් ඇතිවෙමින් තියෙනවා. ඒ කොච්චරක් ද කියනවා නම් හැම මාසෙකම රාක්ක අලුතින් පුරවන්න තරම් ඉල්ලුමක්! 

♦ ධනූ
ඡායාරූප - you’re my favorite

 

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00