2018 ජුලි 14 වන සෙනසුරාදා

HIT TIPS

 2018 ජුලි 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 48

ගලධාරියේ කාන්තා සාදය

ජුලි 26 වැනිදා සවස ගලධාරි හෝටලයේ මාගරීටා බ්ලූ අවන්හලේදී කාන්තාවන්ටම වෙන්වුණු විශේෂ සාදයක් පැවැත්වෙනවා. Gatsby Night තේමාවෙන් පැවැත්වෙන මේ සාදයේදී ආහාරපාන වලට සියයට 50 ක වට්ටමකුත් දෙන බව ආරංචියි. 

සිහින වාහන සැණකෙළිය

වාහනවලට උනන්දු වෙන හැමෝටම වැදගත් තොරතුරක් කියන්නයි මේ සූදානම. ඒ තමයි ජුලි 20 වැනිදා ඉඳන් 22 දා දක්වා කොළඹ ග්‍රීන්පාත්හිදී Colombo Street Motor Show 2018 ප්‍රදර්ශනය පැවැත්වෙනවා. දවස් තුනක් පුරාවට උදේ 10 ඉඳන් රෑ 10 වෙනකල් පැවැත්වෙන මේ ප්‍රදර්ශනයේදී සිහින වාහන රැසක් දකින්න ඔබට හැකිවේවි.