2017 ජනවාරි 28 වන සෙනසුරාදා

පොඩ්ඩ ගැස්සුණොත් ගිලෙන ක්‍රීඩාව Bathtubing

 2017 ජනවාරි 28 වන සෙනසුරාදා, පෙ.ව. 05:00 53

 

විවේකයට විනෝදයට යමක් කරන්න හිතුණම අලුත් අලුත් දේවල් හොයාගන්න එක මිනිස්සුන්ගෙ පුරුද්දක්නෙ. ඉතින් ඒ විදිහට සමහර රටවල අය කරන අපූරු ක්‍රියාකාරකමක් ක්‍රීඩාවක් ගැනයි මේ කියන්නෙ. ඒ තමයි Bathtubing. 
අපි හැමෝම Bath tub එක හඳුනන්නෙ නාන්න භාවිතයට ගන්න විශාල බේසමක් විදිහටයි. හැබැයි මේ බාත් ටබ් එක සමහරැ ඔරු පදින්නත් පාවිච්චි කරනවා. ඒ කියන්නේ ඔරුවක නැගලා යන විදිහට බාත් ටබ් එකකට නැගලා හබල් ගාමින් වතුරේ ගමන් කරනවා. 

බැලූ බැල්මට එච්චර දෙයක් නෙමෙයි කියල හිතුණත් මේක ලේසි පහසු වැඩක් නම් නෙමෙයි. මුල්ම කාරණේ බාත් ටබ් එක කියන්නෙ ඔරුවක් විදිහට සමබරතාවයක් තියාගෙන වතුරේ යන්න හදපු දෙයක් නෙමෙයිනෙ. ඉතින් සමබරව බාත් ටබ් එකක් පැදගෙන යනවා කියන්නෙ ටිකක් අමාරු වැඩක්.

අනිත් කාරණේ තමා බාත් ටබ් එක ඉතාම ඉක්මණින් ගිලෙන්න ඉඩ තිබෙනවා. ඒකෙ බරත් වතුරේදී ලබාදෙන ඉපිලුම් ශක්තිය ප්‍රමාණවත් නැති නිසාත් බාත් ටබ් එක පහසුවෙන් ගිලෙනවා. ඒ නිසා Bathtubing කරද්දී ජීවිතාරක්ෂක කබායක් ඇඳගෙන  සිටීම අනිවාර්යයි. නැත්නම් බාත් ටබ් එකත් එක්කම වතුර යටට ඇදිලා යන්න පුළුවන්. 
ගෙදර අත්හැරලා දාපු බාත් ටබ් එකක් තියෙනවා නම් එහෙමත් නැත්නම් අලුත් බාත් ටබ් එකක් අරගෙන වුණත් මේ විනෝද ක්‍රීඩාවේ යෙදෙන්න පුළුවන්. හැබැයි ඉතින් විනෝදය වගේම ලොකු අවදානමකුත් තියෙන බව නම් අමතක නොකළ යුතුයි. 

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00