2017 ජනවාරි 28 වන සෙනසුරාදා

තම්පන ජලාශය අද්දර ආරොන්ගේ ‘Home Stay’ බංගලාව

 2017 ජනවාරි 28 වන සෙනසුරාදා, පෙ.ව. 05:00 74

 

Home Stay’ කියන්නේ අද වනවිට ලොව පුරා ජනප්‍රිය සංචාරක සේවා සැපයුම් ක්‍රමවේදයක්. ආගන්තුකයන් පෞද්ගලික නිවෙසකට ගොඩවෙලා නතර වී හිඳිමින් සංචාරය කිරීමත් ඇතැම් විට ඒ පවුලේ අය සමඟම ආහාර ගැනීමත් වගේ ක්‍රියාකාරකම් ‘Home Stay’ සංකල්පය තුළ දකින්න පුළුවන්. මාවතගම, තම්පන ප්‍රදේශයේ පිහිටලා තියෙන ආරොන්ගේ බංගලාව එහෙමත් නැත්නම් ‘Arron’s Bungalow කියන්නේත් ඒ සංකල්පයට ගොඩක් සමීප විදිහට ක්‍රියාත්මක වෙන සංචාරක බංගලාවක්. 

මේ බංගලාව බලා කියා ගැනීමට ඉන්නා යුවළ සාමාන්‍ය හෝටල් සේවකයන් දෙදෙනෙකුට වඩා ආගන්තුකයන්ට සංචාරකයන්ට සමීපව කටයුතු කිරීම ඊට හේතුවයි. මේ හෝටලය පිහිටලා තියෙන්නේ කොළඹ කුරුණෑගල ප්‍රධාන පාරේ සිට කිලෝ මීටරයක් තරම් සමීපයේ යි. 

යාබද නාන කාමර සහිත නිදන කාමර හතරක් සහිත මේ බංගලාව විශාල එළිමහන් ප්‍රදේශයකින් යුක්තයි. විසි දෙනකුට පමණ එහි නවාතැන් ගත හැකියි. ඒ වගේම බංගලාවේ උඩු මහල ස්වභාව සෞන්දර්යය නිරීක්ෂණයටත් කුරුළු සංගීතය විඳින්නත් හොඳ තැනක්. 

මේ බංගලාවට පිවිසෙන මාර්ගයත් වෙනස් අත්දැකීමක්. කිසිදා නොහැදූ පාරක් වැනි ඒ පාරේ ගමන් කරන්නට Off road රථයක් නම් අවශ්‍යයි. බංගලාවේ සිට ඇවිදින දුරකින් තමයි තම්පන ජලාශය පිහිටා තිබෙන්නෙ. ඒ අවට තියෙන ස්වභාව සුන්දරත්වය නම් හරිම අපූරැයි. ඒ විතරක් නෙමෙයි කඳු නගින්න, සයිකල් සවාරි යන්න, කුරුල්ලන් නරඹන්න මේ ඉසව්ව කදිමට ගැලපෙනවා. 

පිහිනුම් තටාකය පවා ගස්වැල් මල් වලින් වටවී තිබෙන නිසා තවත් සුන්දරත්වයක් බංගලාවට එක් කරනවා. බංගලාවේ පිළියෙල කෙරෙන ආහාර බොහෝමයක් වත්තෙන් නෙළා ගත් එළවළු පළතුරුවලින් සකස් කිරීමත් විශේෂත්වයක්. කාර්ය බහුල ජීවිතයට අර්ථවත් විරාමයක් දෙන්න හොඳම තැනක් විදිහට මේ ආරොන්ගේ බංගලාව නම් කරන්න පුළුවන්. 

සනත් වීරසූරිය
සේයා රූ | නීල් සිරිවීර

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00