2018 ජුලි 07 වන සෙනසුරාදා

කොළඹට කඩා වැදුණු පොත් පිස්සන්ගේ පාරාදීසය

 2018 ජුලි 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 72

කොළඹ නගරයේ එදිනෙදා ජීවිතයට තවත් විචිත්‍රත්වයක් එකතු කරපු සුවිශේෂී වැඩසටහනක් පසුගියදා SLECC හිදී ආරම්භ වුණා. ඒ තමයි Big Bad Wolf ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය. දෙවැනි වතාවට ලංකාවට ආපු මේ පොත් ප්‍රදර්ශනේට අපිත් එකතු වුණේ එය තවත් එක් පොත් ප්‍රදර්ශනයකට එහා ගිය විවිධත්වයක් එක්තැන් වුණු තැනක් වීම නිසායි. 

පොත් ප්‍රදර්ශනයට ඇතුළු වෙන තැනදීම මුණගැහුණේ අතින් කටින් පොත් එල්ලගත්තු බාල, තරුණ, මහලු උදවිය ප්‍රදර්ශන භූමියේ සිට එළියට එන ආකාරයයි. බැලූ බැල්මටම හොඳ ඩිස්කවුන්ට් ටිකක් එක්ක පොත් ගන්න අවස්ථාවක් ලැබිලා තියෙන බව පේන්න තිබුණා.

ප්‍රදර්ශන ශාලාවට ඇතුළු වෙන තැනම තිබුණේ ආපනශාලා කිහිපයක්. ඒවායේ හොට්ඩෝග්ස්, සැන්ඩ්විච් වගේ කෙටි කෑම වර්ග දකින්න ලැබුණා. එතැනින් ඇතුළට ගියාට පස්සේ තිබුණේ එකම හිස් ගොඩක් කිව්වොත් නිවැරදියි. පටන් ගන්න තැනම තිබුණේ පොඩි ළමයින්ගේ පොත්. ඒනිසා එතැන ලොකු තදබදයක් තිබ්බේ නෑ. හැබැයි ආගම, ඉතිහාසය, ප්‍රබන්ධ වගේ පොත් තියෙන තැන්වල සෑහෙන තදබදයක් තිබුණා. තදබදය ගැන ගාණක්වත් නැතිව මිනිස්සු පොත් තේරුවේ හොඳ මට්ටමේ ජාත්‍යන්තර පොත්පත් සීයට හැට අසූව තරම් ගොඩක් ලොකු වට්ටම්වලට මෙතැනදී ගන්න පුළුවන් වීම නිසායි. උදාහරණයකට රුපියල් දෙදාහක් විතර වටින පොතක් රුපියල් පන්සීයක් වගේ මුදලකට ගන්න පුළුවන්කම තිබුණා. 

මෙතැනට අපි ගොඩවැදුණෙ මිනිත්තු කිහිපයකට ඇතුළට යනවා කියලා හිතාගෙන වුණාට අන්තිමට එළියට එද්දි පැය දෙකහමාරකුත් ගතවෙලා තිබුණා. ඒ තරමටම Big Bad Wolf කියන්නේ පොත් පිස්සන්ගේ පාරාදීසයක්! 
පොත් මිලියන 1.5කට වඩා අඩංගු වුණු මේ ප්‍රදර්ශනය පැය 24 පුරාම විවෘතව තිබීමත් විශේෂත්වයක්. අද (08) ප්‍රදර්ශනයේ අවසාන දවසයි. 

♦ සුරංග

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00