2018 ජුනි 16 වන සෙනසුරාදා

කොළඹ කිරුළපනට පැමිණි අමෙරිකාවේ Best Western

 2018 ජුනි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 74

අමෙරිකා එක්සත් ජනපදය පදනම් කරගත් ‘Best Western’ හෝටල් ජාලය ලංකාවේ තම පළමු ව්‍යාපාරික හෝටලය ආරම්භ කළේ 2014 වසරේදීයි. මේ හෝටල් ජාලය සතුව ලෝකය පුරා හෝටල් 4000 ක් පමණ පවතිනවා. කොළඹ කිරුළපනින් බේස්ලයින් පාරේ පිහිටලා තියෙන ‘Best Western’ හෝටලය ලංකාවේ Elyon හෝටල් ජාලය සමඟ එක්වී ඉදිකරනු ලැබූවක්.

මේ වන විට හෝටලය සතු මුළු කාමර සංඛ්‍යාව  60ක්. ඉදිරියේදී තවත් කාමර 60 ක් මේ හෝටලයට එකතුවීමට නියමිතයි. 

මේ හෝටලය මූලික වශයෙන් ආසියානු සංචාරකයන් ඉලක්ක කරගත් සංචාරක හෝටලයක්.

Best Western සන්නාමය මේ හෝටලයට වැඩි සංචාරකයන් පිරිසක් අද්දවා ගැනීමට ලොකු හේතුවක් වෙලා තියෙනවා. ඒ වගේම ජාත්‍යන්තර වලංගුභාවයක් තියෙන Best Western ලෝයලිටි කාඩ්පත නිසාත් විශේෂයෙන්ම විදෙස් සංචාරකයන් අතර මේ හෝටලය ජනප්‍රියයි. 

හෝටලයේ සෙසු පහසුකම් අතර ප්‍රධාන අවන්හලක්, ව්‍යායාම් මධ්‍යස්ථානයක්, ව්‍යාපාර මධ්‍යස්ථානයක් වගේම නොමිලේ ලබාදෙන වයි ෆයි පහසුකම් ඇතුළත් වෙනවා. නවීන පන්නයේ කාමර ඇතුළත සැටලයිට් රූපවාහිනී, iPod dock එකක්, පෞද්ගලික සේප්පුවක්, තේ සහ කෝපි සාදාගැනීමේ පහසුකම්, මිනි බාර් සහ අල්මාරියක් පවතිනවා. හෝටල් අවන්හලේදී දේශීය වගේම විදෙස් ආහාරත් රසවිඳින්න පුළුවන්. 

I සනත් වීරසූරිය 

 

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00