2018 ජුනි 16 වන සෙනසුරාදා

HIT TIPS

 2018 ජුනි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 207

කිංග්ස්බරියේ පියවරුන්ගේ දිනය

ජූනි 17 වැනිදා කියන්නේ ජාත්‍යන්තර පියවරුන්ගේ දිනයයි. මේ නිසාම කොළඹ හෝටල් රැසක්ම පියවරුන්ගේ දිනය වෙනුවෙන් විශේෂ ප්‍රවර්ධන වැඩසටහන් පවත්වනවා. කොළඹ කිංග්ස්බරි හෝටලයත් විශේෂ දිවා ආහාරයක්, High Tea වැඩසටහනක් සහ රාත්‍රී ආහාරයක් පියවරුන්ගේ දිනය වෙනුවෙන් පිරිනමනවා. උදෑසන 11.30 සිට සවස 3.00 දක්වා දිවා ආහාරයත්, සවස 3.00 සිට 6.00 දක්වා හයි ටී සාදයත් අනතුරුව රාත්‍රී 7.00 සිට 11.30 දක්වා රාත්‍රී ආහාරයත් මෙසේ පිළිගැන්වෙනවා. 

සිනමන් ග්‍රෑන්ඩ් පියවරුන්ගේ දිනය

කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයත් පියවරුන්ගේ දිනය වෙනුවෙන් ජූනි 17 තමන්ගේ විශේෂ ආහාර ප්‍රවර්ධන වැඩසටහනක් සූදානම් කරලා තියෙනවා. ඒ ඔවුන්ගේ තැප්‍රොබේන් සහ චියර්ස් පබ් අවන්හල් දෙකේදීයි. තැප්‍රොබේන් අවන්හලේදී සී ෆුඩ් අයිස් මවුන්ටන්, සුෂි බාර්, ප්‍රධාන ආහාර වර්ග 12 ක්, ශ්‍රී ලාංකික, ඉන්දියානු, ඈත පෙරදිග සහ කාව්රි (ප්‍රධාන වශයෙන් මස් පිළිගන්වන ආහාර විදියක්) ආහාර වට්ටෝරු වගේම අතුරුපස වර්ග 30 ක් දැකගන්න පුළුවන් වේවි. චියර්ස් පබ් එකේදී බොහෝ දුරට දකින්න ලැබෙන්නේ කාව්රි ආහාර වට්ටෝරුයි. 

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00