2018 ජුනි 09 වන සෙනසුරාදා

මිනිසුන්ගේ තිරිසන්ගති මතුවන කාලයක්!

 2018 ජුනි 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 120

ග්‍රහ මණ්ඩලය තුළ සිටින ක්ෂණික විපර්යාසය, කුමන්ත්‍රණ, නීති විරෝධී කටයුතු සිදු කිරීමට ඉවහල් වන්නා වූ නැප්චූන් ග්‍රහයා තමාට සම රාශි භවනක් වූ ශනිට හිමි කුම්භ රාශියෙහි ගමන් කරමින් සිටියදී 2018 ජුනි මස 20 වැනි බුධ දින බ්‍රහස්පතිට අයත් පුවපුටුප නැකතේ ප්‍රථම පාදයෙහි සුපුරුදු ගමනින් මිදී ආපසු හැරී රාහුට අයත් සියාවස නැකතේ 4 වැනි පාදය වෙතට 2018 නොවැම්බර් 25 වැනි ඉරු දින දක්වාම වක්‍ර ලෙස ගමන් කරනු ඇත.

මේ ගමන නිසා ඇති වන බලපෑම විමසා බැලීමේදී එතරම් යහපත් වූ වකවානුවක් නොවන බව පෙනේ. රට තුළ මහජන කැළඹීම් ඇති වීමත් නොසිතූ මොහොතක රටෙහි යම් යම් ගැටුම් හටගැනීමත්, කඩාකප්පල්කාරී ක්‍රියාවන් හා වැඩ වර්ජන ඇතිවීමත් පෙන්නුම් කෙරේ. කුමන්ත්‍රණ උද්ගතවීම් ද සුලි සුළං තත්ත්වයක් ඇති වීමක් ද සිදුවනු ඇත.

මිනිසුන් තිරිසනුන් මෙන් හැසිරෙන වකවානුවක් බැවින් නීතිය රකින බලධාරීන්හා ආරක්ෂක අංශ ද අවධානයෙන් සිටිය යුතු වේ. විවිධ වූ අපරාධ ක්‍රියා රට තුළ වැඩියෙන් වාර්තා වන කාලයකි. යම් යම් හේතු මත සියදිවි නසාගැනීම් ද වාර්තා වනු ඇත. රටෙහි දේශපාලන ක්ෂේත්‍රයේ ද විප්ලවකාරී ක්‍රියා සිදුවන කාලයකි. මහජනයාගේ සෞඛ්‍ය පිරිහෙන වකවානුවක් වන අතර සියලු දෙනාම තමන් අදහන ආගමට අනුව ඉවසීමෙන් හා බුද්ධිමත්ව කටයුතු කළ යුතු වකවානුවකි.

මීළඟට ඔබට

මේෂ - හවුල් දෙදරයි
ඔබගේ ආර්ථිකයට බලපෑම් ඇතිවීම් සිදුවන අතර හවුල් කටයුතු දෙදරා යන්නාවූත් වකවානුවක් වනු ඇත. ඔබගේ හිත මිතුරන්ගෙන් ද ඔබට ප්‍රශ්න ඇති වන අතර දේශපාලන කටයුතුවල නිරත වී සිටින අයට ද යම් යම් ගැටලුවලට මුහුණ දීමට සිදුවනු ඇත.

වෘෂභ - ස්ථාන මාරු
ඔබගේ රැකියාව ආශ්‍රිතව යම් යම් බලපෑම් ඇතිවීමත් සමඟ සේවා ස්ථානයේ අනෙකුත් අය සමඟ ප්‍රශ්න ඇතිවනු ඇත. කෙසේ වෙතත් ස්ථාන මාරුවීමක් අපේක්ෂා කළ අයට තම බලාපොරොත්තු ඉෂ්ඨ කරගත හැකි වනු ඇත.

මිථුන - විදේශ ගතවීම්
ඔබට එතරම් අයහපත් නොවන අතර පවුලේ සාමාජිකයන් අතර යම් යම් ගැටලු ඇති වනු ඇත. විදේශ ගතවීම් අපේක්ෂාවෙන් සිටි අයගේ බලාපොරොත්තු ඉෂ්ඨ වන්නාවූත් වකවානුවකි.

කටක - සමගියට බාධා
ඔබට එතරම් යහපත් නොවේ. ඔබගේ කටයුතුවලට විවිධ බාධා ඇතිවන අතර පවුල් දිවියේ ද සමගියට බාධා ඇතිවනු ඇත. හදිසි ශරීර පීඩාවක් හේතුවෙන් රෝහල්ගතවීම සිදුවිය හැකි බැවින් කල්පනාකාරී වන්න.

සිංහ - අවිවේකී කාලයක්
ඔබට ව්‍යාපාරික හෝ හවුල් කටයුතු පවතින්නේ නම් ඒ ආශ්‍රිත ප්‍රශ්න, අර්බුද ඇති වන කාලයකි. යම් යම් ප්‍රශ්න හේතුවෙන් අවිවේකි කාලයක් වනු ඇත. මෙම වකවානුව කිසිදු ආයෝජනයකට සුදුසු වකවානුවක් නොවනු ඇත.

කන්‍යා - හදිසි ශරීර පීඩා
ඔබට එරෙහි රහස් කුමන්ත්‍රණ ක්‍රියාත්මක වන වකවානුවකි. ඔබගේ කටයුතුවල යම් අඩපණ වීමක් ඇති වනු ඇත. හදිසි ශරීර පීඩාවක් හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ගැනීමට සිදුවන වකවානුවකි.

තුලා - සිතේ අසහනය
ඔබගේ කටයුතුවල යම් ප්‍රමාද වීමක් සිදුවන කාලයක් වේ. විරුද්ධ ලිංගිකයන්ගෙන් ඔබට විවිධ වූ කරදර ගෙන දෙන වකවානුවකි. සිතේ සහනය අඩුවන අතර හිත මිතුරන්ගෙන් ද ප්‍රශ්න ගෙන දෙනු ඇත.

වෘෂ්චික - පසුතැවිලි ඇතිවේ
ඔබගේ සිතූ මනාපයට ගන්නා ලද තීරණයක් නිසා පසුතැවිලි වීමට සිදුවනු ඇත. රථවාහන මිලදී ගැනීම් සිදු කිරීමේදිත් කල්පනාකාරී වන්න. කෘෂිකාර්මික කටයුතුවල නිරත වී සිටින අයට ද අයහපත් වකවානුවකි.

ධනු - ව්‍යාකූල හැසිරීම්
සිතේ සහනයට බාධාවීම් ඇතිවන නිතර ව්‍යාකූල වූ සිතකින් කටයුතු කරන්නාවූත් කාලයකි. ලේඛන කටයුතුවල නිරතවී සිටින අයට අයහපත් වනු ඇත. කෙටි ගමන්වලින් හදිසි කරදර ඇතිවිය හැක.

මකර - තැන්පත් ධනය වැයවේ
පවුල් දිවියේ යම් යම් ප්‍රශ්න පැන නගිනු ඇත. තම තැන්පත් ධනය විවිධ අවශ්‍යතාවයන් හේතුවෙන් වියදම් වී යනු ඇත. උගුර අශ්‍රිත පීඩාවක් හේතුවෙන් ප්‍රතිකාර ගැනීමට සිදු වෙයි.

කුම්භ - ඇස්වල පීඩා
ඔබගේ යම් යම් කටයුතුවලට බාධා ඇති වනු ඇත. විශේෂයෙන් දුර ගමන් යෙදුන ද එම ගමන්වලින් ඵල අත් නොවනු ඇත. දෑස් ආශ්‍රිත පීඩාවක් ඇති වනු ඇත.

මීන - එරෙහි බලවේග
පවුල් දිවියේ යම් යම් ගැටලු ඇතිවන අතර ඔබට එරෙහි විවිධ බලවේග ක්‍රියාත්මක වන වකවානුවක් වනු ඇත. මෙම කාල සීමාව තුළ විශාල ලෙස මුදල් යොදවා කටයුතු කිරීම්වලදී කල්පනා කාරීවීම වැදගත් වේ.

ජ්‍යොතිෂ නන්දන
ප්‍රවීණ ජ්‍යොතිෂවේදි ජ්‍යොතිෂාචාර්ය
රේණුක වික්‍රමසිංහ
සුවණැන ජ්‍යොතිෂ පර්ෙය්ෂණායතනය
ඔලබොඩුව, ගෝනපල

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00