2018 ජුනි 09 වන සෙනසුරාදා

ග්‍රහයන්ගෙන් හදන ලෙඩ

 2018 ජුනි 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 232

බොහෝ අයට වැළඳෙන රෝග කොතරම් ප්‍රතිකාර ගත්තද සුව නොවෙන අවස්ථා අපමණය. දක්ෂ වෛද්‍යවරුන් ප්‍රතිකාර කළ නමුත් ප්‍රතිඵල නොලැබීම නිසා මුදල් ද වැය කරගෙන බලාපොරොත්තු කඩකර ගෙන සිටීමට සිදුව ඇත. ඇතැම් විට ප්‍රතිකාරවලින් යටපත්වූ රෝග යළිමතුවේ. මෙයට හේතුව එම රෝගවලට සම්බන්ධ ග්‍රහයන්ගේ අහිතකර බලපෑම්ය. ප්‍රතිකාර සමඟම ග්‍රහයන් කවුරැ ද යන්න දැනගෙන ජ්‍යොතිෂවේදියකු ලවා ග්‍රහශාන්ති කර ගැනීමෙන් මේවා සුවකර ගත හැකිය. ඇතැම් ග්‍රහයන් නිසා වැළඳෙන රෝග මේවාය.

රවි
හදවත් රෝග, ඇස් රෝග, තද හිසේ රුදාවන්, උණ රෝග, (අපස්මාරය), මොළයට බලපාන රෝග, Polypus

සඳු
වම් ඇස, ළය, මනසට බලපාන රෝග, ළැම, රුධිර දෝෂ, සෙම, ස්ත්‍රියගේ නම් දකුණු ඇස, උදරය අඩපණ වීම්, ඔල්මාදය, හිස්ටීරියාව, කැස්ස, පීඩන රෝග, ගෙඩි හට ගැනීම, බ්‍රොන්කයිට්ස්, පිලිකා, බඩවැල් රෝග, Peritonitis පරිහානදාහය

කුජ
ලේ විෂවීම, හදවත් රෝග, කැපුම් තුවාල, දද, කුෂ්ට, රුධිර දෝෂ, (Prostrate Glands), (පුලස්තිථි) ග්‍රන්ථිය ආශ්‍රිත රෝග Graons (ගර්භාෂය) Redaonemarrow

බුධ
ස්නායු, ළය, උණ රෝග, වෛරස් රෝග, අපස්මාරය, වීෂවීම්, නාසය ආශ්‍රිත රෝග, හොරි, දද, අංශ භාගය, උදරය, කොලරා, ගැස්ම, මුඛයේ සහ හමේ රෝග, ළය පීනස් රෝග

ගුරු 
අක්මාව, වකුගඩු, කන, පෙනහලු ආශ්‍රිත රෝග, ජලශෝතය, ස්ථූල වීම්, හර්නියා, මතකය අඩුවීම, ඇලදිව ආශ්‍රිත රෝග, අජීරණය

ශුක්‍ර
ඇස් රෝග, සමාජ රෝග, ජලශෝත, උගුර, මුහුණ ආශ්‍රිත රෝග, මුත්‍රාබාධ, ලිංගික දුර්වලතා, ගර්භාෂ ගත රෝග, හම රෝග, දියවැඩියාව, ගොනෝරියා, කබර, ලාදුරු

ශනි
දත් හා විදුරුමස් රෝග, පාදය, හමේ රෝග, රූමෙටික්, ඇට මිදුලු, අංශ භාගය, බීරිවීම, දරුණු උණ රෝග, වසූරිය වැනි රෝග කුජ සඳු සංයෝග වුණොත් කොන්ද ආශ්‍රිත රෝග ඇතිවේ.