2018 මැයි 19 වන සෙනසුරාදා

සෙංකඩගල කෝපි කඩේ Cafe Aroma Inn’

 2018 මැයි 19 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 148

සෙංකඩගල හෙවත් මහනුවර කියන්නේ ලංකාවේ ජනප්‍රියම සංචාරක ගමනාන්තය කිව්වොත් නිවැරදියි. දළදා මාලිගය වගේම තවත් නොයෙකුත් ආකර්ෂණීය ස්ථාන වගේම, සංස්කෘතික පසුබිමකුත් තිබෙන නිසා මහනුවර නගරය දෙස් විදෙස් සංචාරකයන් අතර ප්‍රචලිතයි. මේ විදිහට නගරයට ඇදෙන සංචාරකයන්ට නොයෙකුත් පහසුකම් සලසා තිබුණත් කොළඹ වගේ මහනුවර කෝපිහල් සංස්කෘතියක් දකින්න නොලැබෙන තරම්. ඒ කියන්නේ නුවරට කෝපිහල්වල අවශ්‍යතාවයක් තිබුණත් කෝපිහල් තිබෙන්නේ අඩුවෙන්. මේ අවශ්‍යතාවය නිවැරදිව තෝරාබේරාගනිමින් ආරම්භ කළ කෝපිහලක් වගේම හෝටලයක් විදිහටත් මහනුවර Cafe Aroma Inn’ හඳුන්වන්න පුළුවන්. 

2013 අවුරුද්දෙදි විවෘත කෙරුණු මේ අවන්හල පිහිටා තිබෙන්නේ කොළඹ වීථියේයි. කොළඹ වගේ නෙමෙයි මහනුවර නගරයට එන සංචාරකයන්ටත්, පවුල්වලටත් කතාබස් කරන්න, ගැවසෙන්න හරියට තැනක් නැහැ. මේ අවශ්‍යතාවය දැකලා තමයි මම කෝපිහලත් අවන්හලත් ආරම්භ කළේ යනුවෙන් Cafe Aroma Inn’ නිර්මාතෘ වෛද්‍ය කුමාරසිරි ද සිල්වා මහතා පැවසුවා.

මෙතැන පහළ මහලේ ඇති කෝපිහලේ අමුත්තන් 40 දෙනකුට පමණ ආසන පවතිනවා. ඒ වගේම පළමු මහ‍ලේ ඇති අවන්හලේත් එකවර 50 දෙනකුට පමණ ආහාර ගන්න පුළුවන්.

Cafe Aroma Inn’ නවාතැන් ගැනීමට කාමර 16 විවෘතයි. ඒවා පිහිටා තිබෙන්නේ දෙවැනි සහ තෙවැනි තට්ටුවලයි. මේ සියලු කාමරවල කේබල් ටීවී, මිනිබාර්, තේ සහ කෝපි සෑදීමේ පහසුකම්, වයි ෆයි ආදී නවීන පහසුකම් සියල්ලම පාහේ අන්තර්ගතයි.

කෝපිහල ගැන කතා කිරීමේදී ඉතාලි සම්ප්‍රදාය අනුව යමින් cafe latte, cappuccino, espresso ආදී ප්‍රමිතියෙන් යුත් කෝපි වර්ග පිළිගැන්වෙනවා. කෝපිවලට අමතරව smoothies Milkshakes, ජූස් වර්ග, ස්නැක් වර්ග සහ බේකරි නිෂ්පාදනත් ලබාදෙනවා. 

මෙහිදී පැස්තා, මාළු සහ චිප්ස්, ෆ්‍රයිඩ් රයිස්, නිර්මාංශ ආහාර, මැලේසියානු - මොංගෝලියානු - තායි - ඉන්දුනීසියානු මෙන්ම ශ්‍රී ලාංකික ආරේ බත් වර්ග ද පිරිනමනු ලබනවා. ඒ වගේම රයිස් ඇන්ඩ් කරී, බිරියානි, ලම්ප්‍රයිස්, නූඩ්ල්ස් සහ බර්ගර්, සබ්මැරීන් වැනි කෑම වර්ගත් පිළියෙළ කෙරෙනවා.

මෙහි නවාතැන් ගන්නා සංචාරකයන්ට උඩවත්ත කැලේ, නකල්ස්, පින්නවල අලි අනාථාගාරය, දඹුල්ල ලෙන් විහාරය, සීගිරිය, පොළොන්නරුව, අනුරාධපුරය වගේ ස්ථාන කරා සංචාර ලෑස්ති කරදීමටත් හෝටල් කාර්යමණ්ඩලය සූදානමින් සිටිනවා.

♦ සනත් වීරසූරිය