2018 මැයි 19 වන සෙනසුරාදා

HIT TIPS

 2018 මැයි 19 වන සෙනසුරාදා, පෙ.ව. 05:59 63

කැන්වස් මත පියාඹන කුරුල්ලෝ

ලංකාව කියන්නේ කුරුලු පාරාදීසයක්. අවට පරිසරයේ හැමතැනකම ඉන්න කුරුල්ලන් ගැන අපිට අගයක් නැතිවුණාට වෙන රටවල් එක්ක සංසන්දනය කරලා බලද්දි මේ කුරුලු සම්පත කියන්නේ අපිට ගොඩක් වටින දෙයක්. ඉතින් අපේ රටේ දකින්න ලැබෙන ඒකදේශික, වඳවී යාමේ තර්ජනය මුහුණදුන් පක්ෂීන් වගේම සංක්‍රමණික පක්ෂීනූත් කැන්වසය මත පින්තාරු කළ අපූරු ප්‍රදර්ශනයක් මැයි 26 වැනිදා සූරිය විලේජ් පරිශ්‍රයේ පැවැත්වෙනවා. Pereched නමින් The Secret Garden සිසුන් ඉදිරිපත් කරන මේ ප්‍රදර්ශනය පස්වරු 1 සිට සවස් වනතුරු පැවැත්වෙනවා. එහිදී චිත්‍ර නරඹන්න වගේම ඇතැම් ඒවා මිලදීගන්නත් හැකිවේවි. 

කෑමත් එක්ක පුවරු ක්‍රීඩා

කොළඹ 07 විජේරාම මාවතේ පිහිටි Black Cat cafe හිදී brunch එක සහ board games එකතු කරගත් අපූරැ වැඩසටහනක් මේ ඉරිදා (20) ක්‍රියාත්මක වෙනවා. Board Games Brunch විදිහට නම් කරලා තියෙන මේ වැඩසටහන අතරතුරේදී රසවත් ආහාර අත්දැකීමක් ලබන්න වගේම පුවරැ ක්‍රීඩාවලින් විනෝදයක් ලබන්නත් පුළුවන් වේවි. 

 

 

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00