2018 මැයි 19 වන සෙනසුරාදා

පිළිකා නසන ඔලිව් තෙල්

 2018 මැයි 19 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 241

වසර හත්සීයකටත් පෙර සිටම ඔලිව් ඖෂධයක් වශ‍යෙන් ‍මෙන්ම ආහාරයක් ලෙස ද යොදා ගනු ලැබීය. සිරියාව ඔලිව්වල නිජ බිම ලෙස සැලකේ. ඔලිව් ගෙඩි ද ආහාරයට ගත්තද වැඩි වශයෙන් ඔලිව්වලින් ලබාගන්නා තෙල් ඖෂධ ලෙස යොදා ගැනේ. ඔලිව්වල පවතින ඔලියෝ කැන්ටල් නම් රසායනික සංඝටකය සෞඛ්‍යයට බොහෝ හිතකර වේ.

ඔලිව්වල ඒක අසංතෘප්ත මේද අම්ල ප්‍රමාණයක් අඩංගු වේ. බොහෝ විට මේද අම්ල වැඩිම ප්‍රමාණයක් අන්තර්ගතව පවතින තෙල් වන්නේ ද ඔල්ව් තෙල්ය. සිරුර තුළ ඔක්සිකරණය නොවේ. බොහෝ පිළිකා මර්දනය  සඳහා සුදුසු ප්‍රතිඔක්සිකාරකයන් වැඩි ප්‍රමාණයක් මෙහි අන්තර්ගත වේ. විශේෂයෙන් පියයුරු පිළිකා සැදීම වැළැක්වීමටත් පියයරැ පිළිකා ඇති වූ විට එය වර්ධනය වීම වැළැක්වීමටත් ඔලිව් තෙල්වල විශේෂ ගුණයක් පවතී. මේ නිසා එවැනි රෝගීන්ට වෛද්‍ය උපදෙස් මත ඔලිව් තෙල් ලබාගත හැක.

සමේ ඇතිවන පිළිකාවලට විරුද්ධව සටන් කිරීමේ ප්‍රබල ශක්තියක් ඔලිව් තෙල්වල පවතී, ඔලිව් තෙල් අලේපනයක් ලෙසින් ද භාවිතා කළ හැක.

ආහාර මාර්ගයේ පිළිකා, ආමාශයේ කුඩා අන්ත්‍ර හා මහ බඩවැලේ ඇතිවන පිළිකාමය තත්ත්වයන් සඳහා ද ඔලිව් ඉතා ගුණදායක ඖෂධයකි.

ඔලිව් තෙල්වල ඇති කැලරි ප්‍රමාණය වැඩි වුවත් මෙය අධික තරබාරුවට ඉතා හොඳ ඖෂධයක් බව බොහෝ රටවල් කරන ලද පරීක්ෂණවලින් ඔප්පු වී ඇත. මෙමඟින් රුධිරයේ අනවශ්‍ය සීනි ප්‍රමාණය ද පාලනය කරයි. ඉන්සියුලින් ක්‍රියාකාරීත්වය ද වැඩි කරයි. කාන්තාවන්ගේ ආර්තවහරණයෙන් පසුව ඇතිවන ඔස්ටියෝපොරෝසිස් තත්ත්වය හෙවත් අස්ථිවල ඝනකම අඩුවීම හේතුවෙන් ඇතිවන අස්ථි දුර්වලවීම්, කැඩී යෑම් නවතාගත හැක. කැල්සියම් වැඩිකර අස්ථි ශක්තිමත් කරලීමට ඔලිව්වල ඇත්තේ ප්‍රබල ශක්තියකි. එමෙන්ම රූමැටොයිඩ් ආතරයිටීස් අඩු කිරීමේ හැකියාවක් ඔලිව් තෙල්වල පවතී. 

වයසට යාමත් සමඟ ධමනි නිසි ලෙස  ක්‍රියා නොකිරීමෙන් විවිධ සෞඛ්‍ය ගැටලු ඇති වේ. ඔලිව් තෙල් නිසි ලෙස භාවිතා කිරීමෙන් මෙම ධමනි නිසි ලෙස ක්‍රියාකිරීමේ හැකියාව ඇති වන බව පර්යේෂණ පෙන්නුම් කෙරේ. ඔලිව් තෙල් ආහාරවලට එක්කර ගැනීමෙන් මොලයේ රුධිරයේ කැටිගැසීම නවතා අංශභාග රෝගය වළක්වා ගත හැක. මානසික පීඩනය, මානසික අසහනය අඩු කිරීමට ද ඔලිව් ඉතා ග්‍රණදායක ඖෂධයක් වේ. 

ඔලිව් තෙල්වල විටමින් ඊ ඇති බැවින් එය හිසට ද ඉතා හිතකර වේ. කෙස් ගැලවී යාම වළකන අතර කෙස් වැඩීමට ද ඉතා හිතකර වේ. 

වයසට යාමේදී කල්පනා ශක්තිය අඩුවීම වැනි තත්ත්වයන්ට ද ඔලිව් තෙල් ඉතා ගුණදායක වේ. ආහාර මාර්ගයේ වැඩෙන අහිතකර බැක්ටීරියාවල ක්‍රියාකාරීත්වය අඩු කරයි. හෙලිකොබැක්ටො ෆයිට්‍රයිටිස් නම් බැක්ටීරියාව ගෑස්ට්‍රයිටීස්, අම්ල පිත්ත රෝග සහ තවත් නොයෙකුත් රෝග තත්ත්ව ඇති කරයි. මේ සඳහා ඔලිව් තෙල් භාවිතා කළ යුත්තේ වෛද්‍ය උපදෙස් අනුවය.

දියවැඩියාව, අධික තරබාරුව, හෘදයාබාධ, කො‍ෙලස්ටරෝල්, පිළිකා වැනි රෝග තත්ත්වයන් මර්දනය සඳහා  ඔලිව් තෙල් ඉතා යෝග්‍ය වන අතර එය භාවිතා කළ යුත්තේ වෛද්‍ය උපදෙස් අනුව නියමිත මාත්‍රාවටය.

මෙය ආහාරයක් ලෙසින් ද ආහාර පිසිද්දී තෙලක් ලෙසින් ද යොදාගත හැක. අධික උෂ්ණත්වයට පත් නොකර භාවිතා කිරීමෙන් නිසි ගුණයක් ලබාගත හැක.

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00