2018 මැයි 12 වන සෙනසුරාදා

උදේ අල්ලන මාළු එවෙලේම හදලා දෙන පමුණුගම Villa Palma

 2018 මැයි 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 92

පමුණුගම කියන්නේ ගම්පහ දිස්ත්‍රික්කයට අයත් වෙරළබඩ ගම්මානයක්. මේ මුහුදු තීරය සංචාරකයන් අතර එතරම් ජනප්‍රිය නොවුණත් පමුණුගම පිහිටා තිබෙන්නේ කටුනායක ගුවන් තොටුපොළට බොහොම සමීපයෙනුයි. 
මේ පරිසරයේ ඉදිවුණු තරමක් දිගු ඉතිහාසයක් තියෙන හෝටලයක් තමයි ‘Villa Palma’ හෝටලය. එය පිහිටා තිබෙන්නේ කටුනායක ගුවන් තොටුපොළේ සිට කිලෝමීටර 12 ක් දුරිනුයි. 30 දශකයේ ස්පාඤ්ඤ වාස්තු නිර්මාණ ශිල්පය අනුව යමින් ඉදිකර තිබෙන මේ හෝටලය උස්වැටකෙයියාව - මීගමුව ප්‍රධාන මාර්ගයේ මුහුද අද්දර පිහිටා තිබෙනවා.

හැත්තෑව දශකයේදී කාමර හයකින් යුතු පෞද්ගලික නිවාඩු නිකේතනයක් ලෙස ආරම්භ වූ මේ හෝටලයේ දැන් වායු සමීකරණය කරන ලද කාමර 19 ක් පවතිනවා. මේ සියලු කාමරවල තේ සහ කෝපි සෑදීමේ පහසුකම්, කේබල් ටීවී, අල්මාරියක්, මුහුදු දර්ශනය සහිත බැල්කනියක්, වයි ෆයි ඇතුළු පහසුකම් රැසක් පවතිනවා.

මුහුද පෙනෙන මායිමේ ඉදිකර තිබෙන පිහිනුම් තටාකය අසල sauna එකක්, steam කාමරයක් වගේම ජැකූසි එකකුත් තිබෙනවා. ඒ වගේම ආයුර්වේද සම්බාහන පහසුකම් පවා මෙහිදී ලබාගත හැකියි. හෝටලයේ තවත් විශේෂත්වයක් වන්නේ අමුත්තන් 250 දෙනකුට සේවා සැපයිය හැකි ව්‍යාපාර මධ්‍යස්ථානයක් සහ අවන්හලක් පිහිටා තිබීමයි.

මෙහි ආහාර ගැනීමේදී වැඩි අවධානයක් සැලකිල්ලක් යොමුවන්නේ සී ෆුඩ් වෙනුවෙනුයි. සෑම උදෑසනකම ධීවරයන්ගෙන් ලබාගන්නා නැවුම් මාළු හෝටල් අවන්හලේදී බොහොම රසවත් ආහාර දීසියක් ලෙසින් සංචාරකයන්ට පිළිගැන්වෙනවා. තවත් විශේෂත්වයක් වන්නේ ප්‍රධාන අවන්හලේදී මෙන්ම කැමැති නම් පිහිනුම් තටාකය අද්දර, හෝටල් ගෙවත්තේ සිට නැත්නම් මුහුද අද්දර සිට තම කැමැත්ත පරිදි ආහාර ගැනීමේ හැකියාව තිබීමයි. 

මෙහි නවාතැන් ගන්නා සංචාරකයන්ට මාළු බෑමේ සංචාර, සයිකල් සවාරි වැනි ක්‍රියාකාරකම්වල යෙදිය හැකියි. ඒ වගේම මුතුරාජවෙල බෝට්ටු සවාරි යාමටත් හැකියාව තිබෙනවා.  නිවාඩු සමයන්හිදී විදේශීය සහ දේශීය සංචාරකයන්ට, විශේෂයෙන්ම මුහුද ආශ්‍රිත ක්‍රියාකාරකම්වල යෙදෙන්න කැමැති අය වෙනුවෙන් විශේෂ පැකේජ ලබාදීමටත් ‘Villa Palma’ හෝටලය සැදී පැහැදී සිටිනවා.

♦ සනත් වීරසූරිය  

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00