2018 මැයි 12 වන සෙනසුරාදා

HIT TIPS

 2018 මැයි 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 52

තට්ටු 35ක් උඩට දුවන තරගයක්

මැයි 19 වැනිදා උදේ වරැවේ කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේදී අපූරැ තරගයක් පැවැත්වීමට නියමිතයි. ඒ තමයි ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ එහෙමත් නැත්නම් WTC එකේ තට්ටු 35 ක් පඩිපෙළ දිගේ ඉහළට දිවීම. මේ තරගය පැවැත්වෙන්නේ හතරදෙනා බැගින් ඉන්න කණ්ඩායම්වල සහභාගීත්වයෙනුයි. ඒ හතරදෙනා අතරට කාන්තාවක් ඇතුළත් වීමත් අනිවාර්යයි. මේ වැඩසටහන නම් කරලා තියෙන්නේ Race For The Stairs නමිනුයි. 

රෝහල් වීදියේ කෑම සැණකෙළිය

කොළඹ නගරයේ ප්‍රසිද්ධම වීථි ආහාර සැණකෙළියක් වන Fairway Colombo Street Food Festival ලබන මැයි 27 සහ 28 දවස්වලදීත් කොළඹ කොටුව රෝහල් වීථියේ පැවැත්වෙනවා. ඒ දවස් දෙකේදි හවස 6ට පමණ රෝහල් වීථියට ගියොත් රසවත් ආහාර රුසක් රසවිඳින්න හැකිවේවි.