2018 මැයි 12 වන සෙනසුරාදා

පෙම්වතුන් දිවිනසා ගැනීම් ඉහළට / වැඩ කරන ජනතාව මහමඟට

 2018 මැයි 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 120

2018 මැයි මස 15 වන කුජ දින පාන්දර 5 විනාඩි 4ට රවි ග්‍රහයා තමාට සතුරු රාශි භවනක් වූ වෘෂභ රාශියට සංක්‍රමණය වෙයි. වෘෂභ රාශියෙහි රවිට අයත් වූ කැති නැකතේ දෙවන තුන්වන හතරවන පාදවලත් සඳුට අයත් වූ රෙහෙන නැකතේ සම්පූර්ණවත් අඟහරුගේ මුව සිරස නැකතේ ප්‍රථම දෙවන පාදවලත් 2018 ජුනි 15 වන කිවි දින උදේ 11.37 දක්වාම ගමනේ යෙදෙනු ඇත.

මෙම කාලය අප රටට එතරම් ශුභවාදී වකවානුවක් නොවනු ඇත. භූමියෙහි හදිසි විපර්යාස ඇතිවන කාලයකි. හදිසි ගිලා බැසීම් නාය යෑම් ඇතිවේ. කාලගුණික විපර්යාස ද ඇතිවන අතර හදිසි ජලගැලීම් හේතුවෙන් වගාභූමි මෙන්ම දේපලවලට ද හානි වීම් ඉහළ යයි. පෙම්වතුන්ගේ සිත් කලකිරීම් හේතුවෙන් සියදිවි නසා ගැනීම් ද වාර්තා වනු ඇත. රාජ්‍ය පාලන කටයුතු කරගෙන යාමට යම් යම් පාර්ශවවලින් විවිධ බලපෑම් ඇතිවීම හේතුවෙන් රජය අපහසුතාවයට පත්වන වකවානුවකි. වැඩකරන ජනයාට ද තමාගේ ඉල්ලීම් දිනා ගැනීම පිණිස මහපාරට බසින කාලයක් උදාවේ.

මේෂ - අධික වියදම්

තම තැන්පත් ධනය අනවශ්‍ය ලෙස වියදම් වී යන වකවානුවක් බැවින් මුදල් පරිහරණයේදී කල්පනාකාරීවන්න. තමන් බලාපොරොත්තු වන ආකාරයට කටයුතු ඉටුකර ගැනීමට නොහැකි වන කාලයකි. ඇස්වල පීඩා හේතුවෙන් ප්‍රතිකාර ගැනීමට සිදුවනු ඇත.

වෘෂභ - සිත් අමනාකම්

ඔබ අන් අය ඉදිරියේ කැපී පෙනෙන්න උත්සහ දැරීම හේතුවෙන් තමා අවට සිටින හිතමිතුරන් තමා සමඟ සිත් අමනාපකම් ඇති කරගනු ඇත. ගමන්වලින් හදිසි ශරීර පීඩා ගෙන දෙනු ඇත.

මිථුන - ඇස්වල පීඩා

ඔබට එතරම් යහපත් නොවනු ඇත. පවුල් දිවියේ යම් යම් ප්‍රශ්න ඇතිවන අතර සිතේ සහනය අඩු වී යනු ඇත. මූල්‍යමය පාඩු ඇතිවේ. ගමන්බිමන්වලදී පරිස්සම් වීම වැදගත්ය. ඇස්වල පීඩා ඇතිවේ.

කටක - කටයුතු සාර්ථකයි

ඔබට යහපත් වන අතර ඔබගේ උත්සාහය මත වැඩ කටයුතු රාශියක් සාර්ථක කරගත හැකි වනු ඇත. දේශපාලන හා සමාජ සේවා කටයුතුවල නිරත වී සිටින අයට බාහිර පාර්ශවවලින් උදව් ලැබීම අවම වේ.

සිංහ - රැකියා උසස් වීම්

ඔබගේ මතයට කටයුතු කරන කාලයක් වන අතර රැකියාව ආශ්‍රිතව පැවති යම් යම් ප්‍රශ්න විසඳී යනු ඇත. උසස්වීම් අපේක්ෂා කළ අයගේ ද බලාපොරොත්තු ඉෂ්ඨ වන්නාවූ වකවානුවක් වේ.

කන්‍යා - මිතුරන්ගෙන් උදව්

අන් අයට වඩා තමා ගැනම වැඩිපුර සිතා කටයුතු කිරීමට පෙළෙඹෙන වකවානුවකි. උසස් අධ්‍යාපන කටයුතුවල නිරත වී සිටින අයට යම් යම් බාධා ගෙන දෙනු ඇත. හිත මිතුරන්ගෙන් තමා හට උදව් උපකාර අත්වනු ඇත.

තුලා - ණයක් ගනී

ඔභට අයහපත් ඵල අත්වන නමුත් මුදල් යොදා ව්‍යාපාරික කටයුතු ආරම්භයට යහපත් වනු ඇත. යම්කිසි ආකාරයක ණයක් ගැනීමට ද සිදුවනු ඇත. ගණුදෙනු කිරීමේදී ද මූල්‍යමය පාඩු අත්වේ.

වෘශ්චික - රහස් සතුරන්

ඔබගේ වැඩකටයුතු රාශියක් සාර්ථක කරගැනීමට උත්සාහ දරන වකවානුවකි. ඔබට එරෙහි සැගවුණු රහස් සතුරැ කරදර ක්‍රියාත්මක වනු ඇත. ව්‍යාපාරික කටයුතුවල නිරත වී සිටින අයට ද එතරම් යහපත් කාලයක් නොවේ. 

ධනු - රත්පිත් රෝග

ඔබ ගමන්වලින් පරිස්සම් විය යුතු අතර හදිසි ශරීර පීඩා ගෙන දෙනු ඇත. තමාගේ නෑදෑයකුට අයකුට අයහපත් සිදුවීමක් වෙයි. පවුල් දිවියේද යම් යම් ප්‍රශ්න ඇතිවනු ඇත. ශරීරයේ රත්පිත් ආශ්‍රිත පීඩාවක් ගෙන දෙනු ඇත.

මකර - ආර්ථික අපහසුතා

ඔබගේ යම් යම් කටයුතු අතපසුවීම්වලට ලක්වනු ඇත. ආර්ථික අපහසුතා හේතුවෙන් දියුණුවේ අඩුවක් පෙන්නුම් කෙරේ. තම හිත මිතුරන්ගෙන් තමාට උදව් උපකාර අත්වන අතර දරැවන් ලැබීමට සිටින මව්වරැන් පරිස්සම් වියයුතු වකවානුවකි.

කුම්භ - මංගල යෝග

සිතට අවිවේකි සමයකි. අවිවාහක අයට මංගල යෝජනා ඉදිරිපත් වුවද ඉක්මන් තීරණ නොගන්න. අන් අයගේ කටයුතුවලට මැදිහත් වීමෙන් වැළකී සිටිය යුතු වකවානුවකි.

මීන - ලේඛනයට හොඳයි

ලේඛන කටයුතුවල නිරත වී සිටින අයට යහපත් වනු ඇත. තම සහෝදරයන්ගෙන් තමාට උදව් උපකාර හිමිවන කාල වකවානුවක් වේ. අත්වල පීඩාවක් හේතුවෙන් සිතට වද දෙන වකවානුවකි.

ජ්‍යොතිෂ නන්දන
ප්‍රවීණ ජ්‍යොතිෂවේදි ජ්‍යොතිෂාචාර්ය
රේණුක වික්‍රමසිංහ
සුවණැන ජ්‍යොතිෂ පර්යේෂණායතනය
ඔලබොඩුව, ගෝනපල

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00