2018 මැයි 05 වන සෙනසුරාදා

රාශිගත රෝගවලින් ගැලවෙන්න බැහැ!

 2018 මැයි 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 284

කේන්දරයක රාශිවලට අදාළ වන රෝගද තිබේ. එම රාශි ඇති කේන්දර හිමියන්ට ජීවිතයේදී මෙම රෝගවලට බහුල වශයෙන් ගොදුරැවීමට සිදුවේ. කේන්ද්‍රයේ සෙසු ග්‍රහ පිහිටීම් අනුව මෙම ආවේණික රෝගවල යම් වර්ධනයක් හෝ ප්‍රබලත්වය අඩුවීමක් පෙන්නුම් කරයි. එසේ වුවද රෝගවලින් සම්පූර්ණයෙන් මිදීමට ලැබෙන්නේ නැත. එකිනෙක රාශිවලට අදාළ වන රෝග මෙසේය.

මේෂ - හිසරදය සහ හිස පදනම් කොට ඇති රෝග, නාසාර්දනය (Neuralgia), සිහිමුර්ජාව (Coma), නින්ද නොයෑම, මොළයේ ආබාධ, රත්තපාතකය, දැවිල්ල

වෘෂභ - කොන්ද පහළ කොටසේ රෝග ඇතිවීම, බෙල්ල, උගුර ආශ්‍රිතව ඇතිවන රෝග, අර්ශස්, ඍතු දෝෂ, සමාජ රෝග, මලබද්ධය, මොළයේ ලේ කැටිගැසීමක් නිසා හෝ ඇතිවන නිර්වින්දනයක් හෝ අඩපණ වීමක්.

මිථුන - ළය පිළිබඳ රෝග, වියළි කැස්ස, නිව්මෝනියා, හතිය, ක්ෂය රෝගය, ඇදුම, අත් හා උරහිස් රෝග (Esonophilia)

කටක - උදරාබාධ, ගැස්ට්‍රික් ආබාධ, බඩවැල ආශ්‍රිත රෝග, කැස්ස, විෂාදතාව (Melancholia), හිස්ටිර්යාව හෙවත් මායා රෝගය

සිංහ - රුධිර දෝෂ, හතිය, කොන්දේ රෝග, හදවත් රෝග, ක්ලාන්තය, ලේ හිඟකම, ධමනියක් ප්‍රමාණයට වඩා විශාල වීම (Hoperamia),  (Asterio Scierosis) 

කන්‍යා - පණු අමාරු, උදරාබාධ, කොළරාව, අපෙන්ඩිසයිටීස්, බඩ යෑම, විටමින් බී හිඟකම නිසා ඇතිවන රෝග, මන්ද පෝෂණය

තුලා - වකුගඩු ආශ්‍රිත රෝග, මුත්‍රාබාධ, රූමෙටික් ආබාධ, එග්සීමා, හර්නියා, හමේ රෝග

වෘශ්චික - මුත්‍රාශය හා ලිංගේන්ද්‍රයේ ආබාධ, පීනස් වර්ග, ගර්භාෂයේ ආබාධ, සමාජ රෝග, ඍතු දෝෂ, නාසය තුළ ආබාධ, ශ්වේතරිකය (Leucorrhoea), පුරස්ථික ග්‍රන්ථිය ආශ්‍රිත රෝග (Prostroteglad) 

ධනු - තුනටිය කලවා ආශ්‍රිත අපහසුතා, රෑමෙටික් හතිය, සයටිකාව (ශරීර චලන පාලනය නැතිවීම)

මකර - සමේ රෝග, දණහිස හා උදරය ආශ්‍රිත රෝග, එග්සීමා, රූමෙටික් ආබාධ, ස්නාසාර්දනය, විෂාදතාවය, ලාදුරු, රුධිර දෝෂ (ස්වේතචර්මය)

කුම්භ - දණහිස (ජලශෝතය), හදවත් රෝග, සම හා ඇස් ආශ්‍රිත රෝග, ශිරාවල ගැට ඇතිවීම.

මීන - පාදවල රෝග, බඩවැල ආශ්‍රිත රෝග, මත්පැන් නිසා ඇතිවන ආබාධ (ජලශෝතය)

ජ්‍යොතිෂවේදී
රෝහන් වීරරත්න
දුම්රියපළ පාර, පානදුර