2017 ජනවාරි 21 වන සෙනසුරාදා

ඕස්ට්‍රේලියාවෙන් සංගීත සංග්‍රහයක්

 2017 ජනවාරි 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 51

ඕස්ට්‍රේලියාවෙන් සංගීත සංග්‍රහයක්

ලංකාවේත් ඔස්ට්‍රේලියාවේත් රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතාවට අවුරුදු 70ක් පිරීම නිමිත්තෙන් ලංකාවෙ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය සංගීත ප්‍රසංගයක් ලෑස්ති කරලා තියෙනවා. Slava Grigoryan සහ Sharon Draper කියන ඔස්ට්‍රේලියාවේ ඉන්න දක්ෂම ශාස්ත්‍රීය සංගීතඥයෝ දෙන්නෙක් තමයි මේ ප්‍රසංගයට සහභාගි වෙන්නෙ. 24 වැනිදා හවස 7 කොළඹ බිෂොප් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වෙන මේ ප්‍රසංගයට ඇතුළුවීම නොමිලේ.  

කොළඹ වීදි තරගය මෙවරත්

Conquer Colombo කියන්නෙ බොහොම අපූරු තරගයක් වගේම අභියෝගයක්. කොළඹ වීථි පුරා දුවමින් තමන්ගේ තරගකරුවන් පරාද කරමින් කණ්ඩායම් ක්‍රියාකාරකම්වල යෙදෙමින් තමයි Conquer Colombo තරගයෙන් දිනන්න වෙන්නෙ. 04 දෙනා බැගින් වන කණ්ඩායම් විදිහට තමයි මේ තරගයට එකතු වෙන්නෙ. ගියවර ජයග්‍රාහකයන්ට සියලු වියදම් සහිත මැලේසියානු සංචාරයක් තෑගි විදිහට ලැබුණා. ජනවාරි 24 උදේ 10ට නෙළුම් පොකුණෙන් තමයි මේ තරගය පටන් ගන්නෙ. හැබැයි කල්තියා ලියාපදිංචිවීම අනිවාර්යයි.