2018 මැයි 05 වන සෙනසුරාදා

පෙට්ටි කඩේ රස බර්ගර්

 2018 මැයි 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 111

පහුගිය දවසක කොළඹ යූනියන් ප්ලේස් පහුකරගෙන යද්දී මට පුදුම බඩගින්නක් ඇතිවුණා. ඒ එක්කම තමා මම අහම්බෙන් මේ තැන දැක්කේ. මේක ඇත්තටම පොඩි පෙට්ටි කඩයක්. හැබැයි අඩුම ගාණකට ගොඩක් රසවත් බර්ගර් එකක් කන්න මෙතැනදී මට පුළුවන් වුණා.

රුපියල් සීයකට බර්ගර් එකක් දෙනවා කිව්වම මට මුලින්ම හිතුණේ මේකට දාන්නේ චිකන් ද, එහෙමත් නැත්නම් කපුටු මස් ද කියලයි. හැබැයි විශ්වාස කරන්නත් අමාරු තරම් රසවත් චිකන් කෑලි දෙකක් මේ බර්ගර් එක ඇතුළේ තිබුණා. 
මේ පුංචි කඩේ අයිතිකාරයා තමයි නුස්කි. බර්ගර් රහ බලන ගමන් මම එයත් එක්ක පොඩ්ඩක් කතාවට වැටුණා. මෙතැන කඩේ පටන් අරන් තියෙන්නේ නුස්කිගෙ තාත්තා. තාත්තගෙන් පස්සේ මෙයා කඩේ කරගෙන යන්නෙ වෙන හොඳ රස්සාවක් හම්බවෙන කල් තමා. නුස්කි කියන විදිහට මීට අවුරුදු පහකට කලින් එයාලා බර්ගර් එකක් විකුණලා තියෙන්නෙ රුපියල් 40 ට. අනිත් දේවල්වල වියදම් වැඩිවෙන කොට රුපියල් 100 ක් දක්වා ගාණ වැඩිකරන්න එයාලාට සිද්ධවෙලා. 

මෙතැන බර්ගර්ස් ප්ලේන් චිකන් හෝ ග්‍රිල්ඩ් චිකන් කියන දෙවිදිහටම රස බලන්න පුළුවන්. ඒ වගේම හොට් ඩෝග්සුත් තියෙනවා. ඒවත් අර මිලම තමා. 

මේ පුංචි බර්ගර් කඩේ වගේම අවට තවත් පුංචි කෑම කඩ කිහිපයක්ම තියෙනවා. රත්රන් පාටට බැදපු මයියොක්කා විකුණන කඩේටත් ගොඩවෙලාම තමයි මම මෙතැනට සමුදුන්නෙ. 

I ධනූ

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00