2017 ජනවාරි 21 වන සෙනසුරාදා

උණුවතුර හැලියක තැම්බි තැම්බී ගන්නා සම්බාහනයක්

 2017 ජනවාරි 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 217

ටිබායාවෝ කියන්නේ පිලිපීනයේ පරිසර හිතැති සංචාරක ගමනාන්තයක්. කඳුවැටි බහුල ගල්පර සහිත ගංගා බහුල මේ ප්‍රදේශය ජනප්‍රිය වෙන්න තවත් හේතුවක් තමයි කාවා බාත් (KAWA BATH) කියන්නෙ. 

කාවා බාත් කියන්නෙ ඇත්තටම සම්බාහන ක්‍රමයක්. හැබැයි සාමාන්‍ය සම්බාහනයෙන් මේක වෙනස් වෙන්නේ නටන උණුවතුර හැළියකට වෙලා ඔබට ඉන්න සිද්ධවෙන හින්දයි. මේකෙදි කරන්නෙ විශාල යකඩෙන් හදපු භාජනයකට උණුවතුර පුරවලා ඉන්පස්සේ ඒකට ඖෂධීය ශාක පත්‍ර එකතු කරලා හැළිය රත් කිරීමයි. රත් කරන්න ගන්නේ හැළිය ඇතුළට සම්බාහනය අවශ්‍ය කෙනා ගියාට පස්සෙයි. 

හැළිය රත් කිරීම කරන්නේ පොල් කොළ යොදාගනිමිනුයි. ඉතින් වැඩි වෙලාවක් යන්න කලින් හැළිය හොඳ ගාණට රත් වෙන්න පටන් ගන්නවා. ඇතුළෙ ඉන්න කෙනාටත් මේ රත්වීම හොඳින් දැනෙන්න ගන්නවා. හැළිය රත් කරන කෙනා විටින් විට පොල් කොළ එළියට අදිමින් නැවත ඇතුළට ඔබමින් මේ රත්වීම පාලනය කරනවා. 

තමන්ට අවශ්‍ය උෂ්ණත්ව ප්‍රමාණයෙන් හැළිය රත් කරගෙන මේ උණුසුම් සම්බාහනය අත්විඳින්න පුළුවන්. හැබැයි ඉතින් මේ අත්දැකීම ගන්න පිලිපීනයටම යන්න වෙනවා. 

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00