2018 අප්‍රේල් 28 වන සෙනසුරාදා

ගමේ රසයි ලස්සනයි එකට එකතු කරන Back of Beyond’

 2018 අප්‍රේල් 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 169

ඓතිහාසික සීගිරි පුරවරය සමීපයේම පිහිටා තිබෙන පිදුරංගල ලංකා ඉතිහාසයේ වැදගත් ස්ථානයක් විදිහට හඳුන්වන්න පුළුවන්. පිදුරංගල පාමුල අක්කර හතරක භූමි භාගයක ඉදිකර තිබෙන ‘Back of Beyond’ කියන්නේ මේ පරිසරයේ අසිරිය විඳගන්න පුළුවන් විදිහේ සුන්දර නවාතැනක්.

සීගිරියේ සිට කිලෝමීටරයක් දුරින් පිදුරංගල කඳු සෙවණැල්ලේ පිහිටි ලොජ් පන්නයේ මේ හෝටලය කාමර තුනක් සහිත බංගලාවකින් සහ තවත් කොටේජ් තුනකින් සමන්විතයි.

ප්‍රධාන බංගලාවේ හයදෙනකුට පහසුවෙන් නවාතැන් ගත හැකියි. කොටේජ්වල හත් දෙනකුට නවාතැන් ගත හැකියි. මේ සියලු කාමරවල විශේෂත්වය තමයි සම්ප්‍රදායික ගැමි සුන්දරත්වය එකතු කරමින් දැව ආධාරයෙන් නිර්මාණ කර තිබීම. කොහොම නමුත් නාන කාමරවල ශීත සහ උණු ජල පහසුකම් දෙවර්ගයම දකින්නත් පුළුවන්.

මෙතැන තිබෙන තවත් සුවිශේෂී තැනක් වන්නේ Tree House එකයි. එහි සිව්දෙනකුට නවාතැන් ගත හැකියි.

සම්ප්‍රදායිකත්වයට වැඩි ඉඩක් ලැබෙන නිසාම මෙහිදී ගමේ තාලෙට කෑම බීම රස විඳින්නත් අවස්ථාව ලැබෙනවා. නමුත් කැමති අයට බටහිර ආහාර රස විඳින්නත් පුළුවන්. ඒ වගේම සංචාරකයන්ට තමන්ට කැමති ආහාර ද්‍රව්‍ය ගෙනැවිත් හෝටලයේ කෝකියා ලවා කැමැති ආහාරයක් පිළියෙළ කරගැනීමේ හැකියාවත් තිබෙනවා.

පිදුරංගල කන්දෙහි පැරැණි ආරාම සංකීර්ණයක නටබුන් දකින්න පුළුවන්. ගල්ගුහා පද්ධතියකුත් තිබෙනවා. සීගිරියට සහ පිදුරංගලට අමතරව මින්නේරිය සහ හුරැළු වැව වනෝද්‍යානවලටත් මෙතැන සිට පහසුවෙන් ළඟාවිය හැකියි. 

♦ සනත් වීරසූරිය

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00