2018 අප්‍රේල් 21 වන සෙනසුරාදා

අධිරුධිර පීඩනයට හරිම ගුණ බීට්රූට්

 2018 අප්‍රේල් 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 207

සමට මෙන්ම හිසකෙස්වලට ඉතා ගුණදායක එළවළුවක් වන බීට්රූට් පෝෂ්‍ය පදාර්ථ රැසක් අන්තර්ගත වූ එළවළු වර්ගයකි.

බීට්රූට් කෝප්ප එකක පෝෂ්‍ය පදාර්ථ ගත් කළ එහි ඇති පෝෂ්‍ය පදාර්ථ රාශියකි. ඒ අනුව කැලරි ඒකක 58ක්ද, කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 13ක්ද, සීනි ග්‍රෑම් 9ක්ද, කෙඳි ග්‍රෑම් 4ක්ද, ප්‍රෝටීන් ග්‍රෑම් 2ක්ද අන්තර්ගතව පවතී.

මීට අමතරව බීට්රූට්වල විටමින් ඒ, කැල්සියම්, විටමින් සී, පොස්පරස්, සින්ක්, මැග්නීසියම්, පොටෑසියම් වැනි පෝෂ්‍ය පදාර්ථයන්ද අඩංගු වේ. බීට්රෑට්වල අඩංගුව පවතින විටමින් සී මගින් ප්‍රතිශක්තිය වර්ධනය කරයි. එය රෝග ගණනාවකට ඖෂධයක් වන ප්‍රතිඔක්සිකාරකයකි.

ගර්භනී කාලයේදී දරුවාගේ බර නිසියාකාරව පවත්වා ගැනීමටත්, උපතේදී ඇතිවන හෘද රෝග වළක්වා ගැනීමටත් ඉතා වැදගත් වේ. බීට්රූට් අමුවෙන් ආහාරයට ගැනීමෙන් ෆෝලික් වැඩිපුර ලබාගැනීමට හැකියාව ඇත.

ශරීරයේ අන්තර්ගතව පවතින සෛල, එන්සයිම ආරක්ෂා කිරීමට බීට්රූට්වල පවතින බීටේන් උපකාරී වේ. අධිරැධිර පීඩනයට බීට්රූට් ඉතා ගුණදායක එළවළුවකි. බීට්රූට්වල පවතින නයිට්‍රේට් ශරීරයේ ඇතිවන ආසාදන තත්ත්වය දුරුකිරීමට සමත් වේ. බීට්රූට්වල වැඩිපුර සීනි ප්‍රමාණයක් අඩංගු වේ. නමුත් බීට්රූට් යනු දියවැඩියාවටද ඉතා ගුණදායක එළවළුවකි. එයට හේතුව වන්නේ බීට්රූට්වල අඩංගු ඇල්ෆා ලිපොයික් ඇසිඩ් ප්‍රතිඔක්සිකාරකය මගින් රුධිරයේ ඇති සීනි මට්ටම පහළ හෙලීමයි. එමෙන්ම ඉන්සියුලින්වල පවතින සංවේදීතාවය වැඩි කෙරේ.

බීට්රූට්වල පවතින කෙඳි තත්ත්වය හේතුවෙන් මළබද්ධයට මෙන්ම අර්ශස්වලටද ඉතා ගුණදායක වේ. එමගින් ආහාර ඉතා හොඳින් දිරවන්නා සේම කැල්සියම්ද පවතින හෙයින් ඔස්ටියෝපොරයිසීස්වලටද ඉතා ගුණදායක වේ. එමගින් මොළයට ඔක්සිජන් සැපයීම වැඩිදියුණු කරයි. මතකය නැතිවීම (ඩිමෙන්ෂියා) පාලනය කෙරේ. මෙය ඇල්ෂයිමර් රෝගයටද ඉතා ගුණදායක වේ.

මෙමගින් ප්‍රතිශක්තිය සහ සුදු සෛල නිපදවේ. සිරුරේ මනා ප්‍රතිශක්තියක්ද ඇති කරයි. කුඩා දරුවන්ට ඉතා ගුණදායක එළවළුවක් වන අතර ලෙඩරෝගවලින් ආරක්ෂා කෙරේ. ලිංගික ශක්තිය වැඩි කෙරේ.

බීට්රූට් බීමක් ලෙස මෙන්ම සලාදයක් ලෙසින්ද ආහාරයට එක්කරගත හැක. බීට්රූට්වල අඩංගු ප්‍රතිඔක්සිකාරක මගින් වයසට යාම වළකාලයි. බීටේන් මගින් පිළිකා නාශක ගුණය වැඩි කරයි.

බීට්රූට් ආතරයිටීස් රෝගයට ඉතා ගුණදායක එළවළුවකි. බීට්රූට්වල යුෂ මගින් ඇස් පෙනීම වර්ධනය කරයි. කෙස්වලටත්, සමටත් පියකරු පෙනුමක් ඇති කරයි. බීට්රූට්වල කොළ සහ දඬුවලද ගුණයක් පවතින නිසා බීට්රූට් අල සමඟ ඒවාද ආහාරයට ගැනීම ගුණදායකය. 

බීට්රූට් කොළ ව්‍යංජනය මෙන්ම සලාදයද ඉතා ගුණදායක වේ. බීටා කැරොටීන් අන්තර්ගතව පැවතීම හේතුවෙන් පෙනහලු පිළිකාවට ඉතා ගුණදායක වේ. ඇසේ සුද ඇතිවීමද බීටා කැරොටීන් මගින් වළක්වනු ලබයි.

බීට්රූට්වල ඇති පොටෑසියම් මගින් මොළයේ රුධිර නාළ තුළ ආහාර රුධිර කැටි ඇතිවීම වළක්වා අංශභාග වැනි රෝග තත්ත්වයන් පාලනය කෙරේ.

නමුත් නිතර නිතර බීට්රූට් ආහාරයට ගැනීම අහිතකරය. බීට්රූට්වල ඇති ඔක්සලේට් හේතුවෙන් වකුගඩුවල සහ පිත්තාශයේ ගල් ඇතිවීමට එය හේතුවිය හැකි බැවිනි. නමුත් බීට්රූට් ඉතා ගුණදායක එළවළුවක් ලෙසින් හැඳින්විය හැක.

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00