2018 අප්‍රේල් 21 වන සෙනසුරාදා

හිස්හොරිවලට මෙන්න බෙහෙත්

 2018 අප්‍රේල් 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 3047

හිස්සොරිවලට ගෙදරදීම කළහැකි අත් බෙහෙත්

ජලය කෝප්ප 2/1යි, පොල් විනාකිරි ½යි එකට එකතුකර එයින් හිස්කබල හොඳින් සෝදා සම්බාහනය කරන්න. විනාඩි තිහකට පමණ පසු හිස හොඳින් සෝදා හරින්න. මෙය මාසයකට දෙවරක් කිරීමෙන් හිසේ ඇතිවන හිස්සොරි නැති වී යයි.
වෙරළු කොළ ටිකක් ගෙන එය හොඳින් කොටාගන්න. එම වෙරළු යුෂ හිස් කබලේ ආලේප කර විනාඩි විස්සකට පමණ පසුව සෝදා හරින්න.
ගොඩපර හිස්සොරිවලට ඉතා ගුණදායක ඖෂධයකි. ගොඩපර ගෙඩි හොඳින් කොටා එම යුෂ හිස්කබලේ ගල්වන්න.

හිසකෙස්වලට සුදුසු තෙලක් ගෙදරදීම හදාගන්න හැටි

වෙළඳපොළේ ඇති හිසට ගල්වන තෙල්වලට වඩා ඔබේ නිවසේදීම පිරිසිදු තෙලක් සාදාගන්න. වර්තමානයේදී බොහෝ දෙනා හිසට තෙල් සහ ක්‍රීම් ආලේප කරති. එයින් ඉතා ඉක්මනින් හිසකෙස් සුදු වීම සහ අකලට පැසීම සිදුවේ.
මේ සඳහා තැඹිලි ගෙඩි තුනක් පමණ ගෙන සිහින්ව ගාගන්න. තැඹිලි සොයාගැනීමට අපහසුනම් පැසුණු පොල් තුනක පොල් ද ගත හැක. මීට අමතරව මුකුණුවැන්න, ගොටුකොළ, කරපිංචා, බෙහෙත් නෙල්ලි, කෝමාරිකා මද, දෙහි, කීකිරිඳිය ආදි යුෂ සමව ගෙන පොල්කිරි සමඟ මිශ්‍රකර උළුහාල් මිටක්, සැවැන්දරා මුල් ද දමා මඳගින්නේ දිය සිඳෙන තුරු තෙල සිඳ ගන්න.
මේමඟින් හිස්සොරි වැළකේ. අකලට කෙස් පැසීම වැටීම වළකා කළුවන් ඝනකම් කෙස් කළඹක් ඇතිවෙයි.