2018 අප්‍රේල් 21 වන සෙනසුරාදා

පළමු රාත්‍රිය ගෙවන්න නියම තරු 4ක්

 2018 අප්‍රේල් 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 181

මීගමුව කලපුව කියන්නේ අපේ රටේ තියෙන ලස්සන කලපු පරිසර අතරින් එකක් ලෙස ප්‍රසිද්ධයි. ඒ සුන්දරත්වය නිසාම මෙතැන සංචාරකයන් අතරත් ගොඩක් ජනප්‍රියයි. සංචාරක කර්මාන්තයේ සංඛ්‍යා ලේඛනවලට අනුව ලංකාවට එන විදෙස් සංචාරකයන්ගෙන් සියයට අසූවක්ම තමන්ගේ පළමු රාත්‍රිය ගතකරන්නේත් මීගමුවේයි. 

‘Grandeeza Luxury Hotel and Banquets කියන්නේ මීට අවුරුදු තුනකට විතර උඩදී මේ සුන්දර මීගමු කලපුව ආසන්නයේ විවෘත වුණු සුඛෝපභෝගී හෝටලයක්. මීගමුව කුරණ ප්‍රදේශයට අයිති මේ හෝටලය තරු හතරේ හෝටලයක් වීමත් විශේෂත්වයක්. එහි මුළු කාමර සංඛ්‍යාව 40ක්. ඒ වගේම 150 සිට 1200ක් දක්වා අමුත්තන් සංඛ්‍යාවකට අසුන්ගත හැකි දැවැන්ත උත්සව ශාලා තුනකුත් මේ හෝටලයේ තිබෙනවා.

සාමාන්‍ය විවේකයට විනෝදයට වගේම ව්‍යාපාරික රැස්වීම්, සමුළු, සම්මේලන සඳහාත් මේ හෝටලය ගොඩක් සුදුසුයි. හෝටලයේ ඉදිරිපස පෙනුම රෝම ගෘහ නිර්මාණ ශිල්පය අනුව යමින් සකසා තිබෙනවා. නමුත් ඇතුළත පෙනුම මුළුමනින්ම අති නවීන සුන්දරත්වයකින් හෙබි වෙනවා.

Grandeeza හෝටලයේ ප්‍රධාන අවන්හල් තුනක් තිබෙනවා. එහිදී දේශීය ආහාර පාන වගේම චීන, ඉන්දියානු ඇතුළු පෙරඅපර දෙදිග විවිධ ඉවුම් පිහුම් රටාවන්ට අනුව පිළියෙල කළ ආහාර රස බලන්න පුළුවන්. ඒ විතරක් නෙමේ, ‘Dine under the stars’ තේමාව අනුව යමින් පිහිනුම් තටාකය අසල එළිමහනේ ආහාර භුක්ති විඳින්න පවා අවස්ථාව පවතිනවා. 

මේ අවට විවිධ ක්‍රියාකාරකම් සඳහා සහභාගී වන්නත් Grandeeza හි නවාතැන් ගන්නා අයට හැකියාව තිබෙනවා. විශේෂයෙන්ම කලපුවේ බෝට්ටු සවාරි, මාළු ඇල්ලීම, මීගමුව අවට සයිකල් පැදීම වගේ ජනප්‍රිය ක්‍රියාකාරකම් රැසක් ඒ අතරට අයත්.

ඊට අමතරව මුතුරාජවෙල, හැමිල්ටන් ඇල, අඟුරුකාරමුල්ල විහාරය, ලෙල්ලම වගේ බොහෝ දකින්න තැන් මේ අවට පිහිටා තිබෙනවා. 

 ♦ සනත් වීරසූරිය