2018 අප්‍රේල් 21 වන සෙනසුරාදා

Trinco Blu සමඟ ඩොල්පින් නරඹමු! Trinco Blu by Cinnamon

 2018 අප්‍රේල් 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 259

ශ්‍රී ලංකාවේ සුන්දර නැගෙනහිර වෙරළ තීරයේ සිත් සැහැල්ලු කරවන නිස්කලංක බව අත්විඳීමට කැමත්තක් දක්වන සංචාරකයන් සඳහා තල්මසුන් - ඩොල්ෆින් එක්ක Trinco Blu by Cinnamon කදිම තෝතැන්නකි. ශ‍්‍රී ලංකාවේ වෙරළ තීරයේ පිහිටි වඩාත් ප‍්‍රකට හෝටලයක් වන මෙම අතිශයින් සුන්දර හෝටලය ඔබට Cinnamon Nature Trails (CNT) හරහා සොබාදහම සමඟ එක් වෙමින් වෙරළ තීරයට මායිම් වූ කැලෑබද පෙදෙස්වල වන ජීවීන් පිළිබඳ අත්දැකීම් ලබාගැනීමේ අවස්ථාව උදාකරදෙයි. 

CNT කණ්ඩායම සමඟින් කරනු ලබන මසුන් ඇල්ලීමේ වික‍්‍රමාන්විතය හිමිදිරි උදෑසන හෝ සැඳෑ භාගයේදී පැය කීපයක් තුළ සිදු කරනු ලබන්නේ අඩි 18ක් දිග ෆයිබර් ග්ලාස් බෝට්ටුවකිනි. බෝට්ටුවේ නැගී බිලි පිත්තකින් මසුන් අල්ලමින් සහ නැවත උන් දියට මුදාහරිමින් එම ක්‍රියාකාරකම සිදුකෙරේ. තම අතැති බිලි පිත්ත මුහුදට දමා කුතුහලයෙන් යුතුව බලා සිටිමින් සිදු කරනු ලබන මෙම මසුන් ඇල්ලීමේ ක‍්‍රියාවලිය සම්ප‍්‍රදායික මසුන් ඇල්ලීමේ ක‍්‍රියාවලිය වෙනුවට පරිසර හිතකාමී විකල්පයක් වන අතර මෙහිදී අල්ලා ගන්නා මසුන්ට හානියක් සිදු නොවන පරිදි බිලි කොක්කෙන් මුදා නැවත උන් උන්ගේ ස්වභාවික වාස භූමිවලට මුදා හැරේ. ඒ කටයුත්ත සඳහා සොබාදම්වේදීන්ගේ සහ මඟ පෙන්වන්නන්ගේ සහාය ද හිමිවේ. මෙම පැය දෙකේ සංචාරය සඳහා අවශ්‍ය වන ආරක්ෂිත කබා ඇතුළු සියලු උපකරණ ද සංචාරකයන් සඳහා සැපයේ.

වසරේ මුල් කාලය තුළ ත‍්‍රිකුණාමලය ශ‍්‍රී ලංකාවේ තල්මසුන් සහ ඩොල්පින් මසුන් නැරඹීම සඳහා විශිෂ්ටතම මුහුදු තීරය බවට පත්වේ. මෙම කාලය තුළ Trinco Blu by Cinnamon හි නවාතැන් ගන්නා සංචාරකයන් හට එම අපූරු සත්ත්වයන්ගේ ඉරියව් සහ හැසිරීම් රටා නිරීක්ෂණය කිරීම සහ වාර්තා තබා ගැනීම පිලිබඳ වසර ගණනාවක පළපුරුද්දක් සහිත CNT කණ්ඩායම සමග එම සතුන් නැරඹීමේ සෆාරියක නිරතවීමේ මාහැඟි අවස්ථාව උදාවේ. සංචාරකයන්ට මෙම පැරැණිතම සහ විශාලතම මුහුදු ජීවීන් ලතාවකට තමන් පසුකර යන අන්දම සියැසින්ම දැකගන්නා අතරම (ඇතැම් විට වාසනාවක් වෙතොත් උන් ජලය ඉහළට විදිමින් සිදු කරන ආකර්ෂණීය රංගනයන් ද සමගින්) මෙම සංචාරයේදී ශ‍්‍රී ලංකාවේ මුහුදු ප‍්‍රදේශ වෙත නිරන්තරයෙන්ම ඇදී එන සාගර ජීවීන් පිළිබඳ විවිධ තොරතුරුවලින් දැනුම්වත් වීමේ අවස්ථාව ද උදාවනු ඇත. සාමාන්‍යයෙන් තල්මසුන් නැරඹීමේ සංචාරයක් සඳහා සාගරයේ සැතපුම් 18-20ක් පමණ ඈතට යා යුතු වන අතර මනා ඉවසීමක් සහ වාසනාවක් සහිත සංචාරකයකුට නිල් තල්මසුන්, ස්පර්ම් තල්මසුන්, බ‍්‍රයිඩ්ස් තල්මසුන්, පයිලට් තල්මසුන්, සාමාන්‍ය ඩොල්ෆින්, ස්පිනර් ඩොල්ෆින්, බොට්ල් නෝස් ඩොල්ෆින් සහ රිසෝස් ඩොල්ෆින් ඇතුළු කැස්බෑවුන් සහ තල්මස්, මෝරුන් වැනි තවත් සාගර ජීවීන් රැසක් නැරඹීමේ අවස්ථාව උදාවිය හැක. මෙම සංචාරයේදී ඉතා කලාතුරකින් සංචාරකයින්ට කිලර් තල්මසුන් දැක ගැනීමේ දුර්ලභ අවස්ථාවද උදාවනු ඇත.

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00