2018 මාර්තු 17 වන සෙනසුරාදා

මොන ලෙඩේටත් හොඳම බෙහෙතක් වැලිආතා

 2018 මාර්තු 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 1129

ලංකාවේ අද වෙද්දී වැලිආතා ඉතා ජනප්‍රිය වූ පළතුරක් වී හමාරයි. වැලි ආතාවල කොළ, පොතු මෙන්ම මල්ද ඖෂධ බොහෝමයකට යොදාගනී. අනෝදා වර්ගවලට අයත් වන වැලිආතාවල බොහෝ පෝෂණ ගුණ පවතී.

වැලිආතා ග්‍රෑම් 100ක ඇති පෝෂණ ගුණය-

ශක්තිය කිලෝ කැලරි 75, මේදය ග්‍රෑම්.68 (නමුත් මෙය හදවතට හිතකර වේ) කෙඳි ග්‍රෑම් 3, ෆෝලේට් රයිබොප්ලේවින්, නියසීන්, ප්‍රෝටීන් ග්‍රෑම් 7.57, කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 17, විටමින් ඒ,ඊ සහ සී බහුලව අඩංගු වේ. විශේෂයෙන් විටමින් සී බහුලව පවතී. එමෙන්ම යකඩ, කොපර්, මැග්නීසියම්, මැංගනීස් අඩංගු වේ.

වැලිආතා සාමාන්‍ය ප්‍රමාණයේ ගෙඩියක කෙඳි ග්‍රෑම් 3-5 අතර ප්‍රමාණයක් ඇති නිසා සාමාන්‍ය ගෙඩියකින් අවශ්‍ය කරන කෙඳි ප්‍රමාණය සියයට අනූවක් පමණ ලබාගත හැක. බෝ නොවන රෝගවලට කෙඳි බහුල ආහාරවලින් හොඳම පළතුරක් ලෙසින් වැලිආතා හැඳින්විය හැක. අධික කෙඳි මඟින් ආහාරවල ඇති සීනි උරාගැනීම අඩු කෙරේ. දියවැඩියා රෝගීන්ට මෙය ඉතා හොඳයි. එමෙන්ම නිරෝගී පුද්ගලයන්ට දියවැඩියා රෝගයෙන් ආරක්ෂා වීමටද ඉතා ගුණදායක වේ.

අර්ශස් රෝගීන්ටද ඉතා ගුණදායක වේ. මළ හොඳින් පිටවේ. වැලි ආතාවල පවතින විටමින් සී ගුණය මඟින් තුවාල ඉක්මනින් සුවපත් කරයි. කොළ තම්බාගත් වතුරෙන් තුවාල සේදීමෙන් ඉතා ඉක්මනින් තුවාල සුව කරගත හැක. සන්ධි රෝගීන්ට ඉතා ගුණදායක පළතුරක් ලෙසින් වැලි ආතා හැඳින්විය හැක. මේ නිසා සන්ධි අමාරැ රෝගීන් නිතර නිතර වැලි ආතා කෑමට පුරැදු වීම ගුණදායකය. එමෙන්ම ඉදිමුණු සන්ධි වැලි ආතා තැම්බූ වතුරෙන් තැවීමෙන් ඉතා ඉක්මණින් ගුණයක් ලැබිය හැකිය.
තයිරොයිඩ් ග්‍රන්ථිය ඉදිමුම ඇති රෝගීන්ට වැලිආතා ගෙඩි, කොළ සහ මුල්වලින් සැදුම්ලත් කසායක් සාදා දීමෙන් ගුණයක් ලැබේ. ගෙඩි, කොළ, මුල් තම්බා තේ එකක් මෙන් පානයද කළ හැක. එමෙන්ම වැලිආතා කොළ වේලා කුඩුකර තේ එකක් මෙන් බීමෙන් නින්ද නොයන අයට නින්ද ළඟා කරයි.
එමෙන්ම අධික රැධිර පීඩනය, කොලෙස්ටරෝල් ඇති අයට ඉතා හිතකර වේ. ශරීරයට අහිතකර වූ මේදය ඉවත් කිරීමට වැලි ආතා උදව් කරයි. හෘද වස්තුවේ රැධිර ගමනාගමනය නිසි ආකාරයට පවත්වාගෙන යාමටද වැලි ආතාවලට ඇත්තේ පුදුමාකාර ගුණයකි. රෝගවලට ඔරොත්තු දීමේ හැකියාව වැලිආතා මඟින් වැඩි කරයි. මානසික පීඩනය, ආතතිය, අධික මහන්සිය අඩු කරයි.
වැලිආතාවල පවතින විටමින් සී ගුණය නිසා සම පැහැපත් කරයි. ගෙඩිවල ඉතා ගුණදායක වූ සින්ක්, යකඩ, විඩමින් සී බහුල වශයෙන් අඩංගු වේ. කෙස් වැටීම අවම කරයි. අමු ගෙඩි අඹරා හිසේ ගෑමෙන් හිස් හොරි සහ උකුණන් වඳකර ගැනීමේ හැකියාව ඇත.

ගසේ කොළ කැඳ ලෙස සාදාගත හැක. දිරවීම පහසු කරවන වැලිආතා බොහෝ රෝගවලට ඉතා ගුණදායක පළතුරක් ලෙස හැඳින්විය හැක.

 

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00