2018 මාර්තු 17 වන සෙනසුරාදා

ඉරිමේදාදීය තෙල....

 2018 මාර්තු 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 210

ඉරිමේදාදීය තෙල

කරාබු නැටි, වැල් මී, කලාඳුරු, කැප්පෙටියා වැනි දෑ වලින් සාදාගන්නා ලද ඉරිමේදාදීය තෙල දත් රෝග සඳහා ඉතා ගුණදායක වේ. දත් අවපැහැ ගැන්වීම, දත්මුල් දියවීම, දත් රිදීම වැනි බොහෝ දත් රෝග සඳහා මෙය යොදා ගැනේ.

නීල්‍යාදී තෙල

සීතල ගුණයෙන් යුත් නීල්‍යාදී තෙල හිසකෙස් සඳහා යොදා ගැනේ. නීල අවරිය, වැටකේ, නෙළුම් දඬු, කළු තල, කුඹුක් මල් වැනි දෑ නීල්‍යාදී තෙල සිඳීම සඳහා යොදා ගැනේ.

සිද්ධාර්ථ තෙල

හාතාවාරිය, බෙලි, මිදි, බැබිල මුල්, එළබටු, පොල්පලා, කටුවැල්බටු සිද්ධාර්ථ තෙල සඳහා යොදා ගැනේ. සිද්ධාර්ථ තෙල දණහිසෙන් පහළ කොටසේ ආලේප නොකරයි. හෘද රෝගීන්ට සිද්ධාර්ථ තෙල් ස්වල්පයක් රත්කර පපුවේ ආලේප කිරීම ඉතා ගුණදායක වේ. එසේම හිසේ කැක්කුමටද සිද්ධාර්ථ තෙල ඉතා ගුණදායක වේ.

අන්තර්ජාලයෙන්