2018 මාර්තු 10 වන සෙනසුරාදා

කොළඹ “නුගගම”ට ආ යාපනේ කෑමබීම

 2018 මාර්තු 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 143

යාපනේ කෑම බීම කියන්නේ උතුරේ සංස්කෘතියේම ප්‍රධාන අංගයක්. යාපනයේ කෑමබීමවලට ගන්නේ සාමාන්‍යයෙන් ගෙවත්තේම හදන එළවළු, පළතුරු තමා. කුළුබඩු වර්ග හරි ගාණට මිශ්‍ර කරලා හදන මේ යාපනේ කෑමවලට මම කවදත් කෑදරයි. 

ඉතින් සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ නුගගම අවන්හලේ පසුගියදා ජැෆ්නා කූල් නමින් යාපනේ කෑම බීම උත්සවයක් පැවැත්වුණා. මේකෙ වැදගත්කම තමා මේකෙ හදපු හැම කෑමබීමකටම අමුද්‍රව්‍ය ගෙනත් තිබුණේ යාපනෙන්. ඒ විතරක් නෙමේ, ඉවුම් පිහුම් කටයුතු සියල්ල කරලා තිබුණෙත් යාපනෙන් ආපු කාන්තාවන්.

යාපනේ සුප්‍රකට එළුමස් කරිය, කොස්ඇට බැදුම් ඇතුළු කෑම ජාති 70 ක් පමණ මෙතැන දකින්න ලැබුණා. ඒ විතරක් නෙමේ, තල් රාත් තිබුණා.

උතුරු ප්‍රදේශයට ආවේණික ජන නැටුම්, සංගීතය පිරුණු කාලසීමාවක් මේ යාපනේ උත්සවේ දී අපට ලැබුණා. පුංචි කාලේ යාපනේ ගත කරපු ජීවිතේට මාව ඉගිලිලා ගියේ ඉබේටමයි!

ධනූ
ඡායාරූප - You’re My Favorite

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00