2017 ජනවාරි 14 වන සෙනසුරාදා

නිකම් කිරි තේ වගේද Tea Mocktails

 2017 ජනවාරි 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 60

 

අවුරුදු සිය ගාණක් තිස්සෙ තේ වවන රටක් වුණත් අපි හැමදාම තේ බොන්නේ එකම විදිහටයි. ප්ලේන්ටි හෝ කිරි තේ තමයි ගොඩක් වෙලාවට ගෙදරදි අපට ලැබෙන තේ. හැබැයි තේ කියන්නෙ අද වෙනකොට  ජනප්‍රිය මොක්ටේල් එකක් බවට පත්වෙලා. 

විවිධ රසයන්ගෙන් එන තේ වර්ග යම් ඇල්කොහොල් ප්‍රමාණයක් එක්ක මිශ්‍ර කරලා තමයි මේ Tea Mocktails හදා ගන්නෙ. හැබැයි ඇල්කොහොල් අනිවාර්යම දෙයක් නෙමේ. කොමඩු, කැරට්, ඉඟුරු, දොඩම් වගේ රසයන් රැසක් එක්ක මේ Tea Mocktails පිළිගැන්වෙනවා. මේවායේ ඇත්තටම ඇල්කොහොල් යම් ප්‍රමාණයක් අඩංගු වුණත් ශරීරයට සුවැති තත්ත්වයකුත් තිබෙනවා කියලයි පිළිගැනෙන්නෙ‍. 

අනෙක් අතට සාමාන්‍ය දුඹුරු පැහැය හෝ ග්‍රීන් ටීවල තිබෙන ළා කොළ පැහැය වෙනුවට විවධ වර්ණවලින් තේ රස බැලීමේ අවස්ථාවත් මේ නිසා ලැබෙනවා. හැබැයි ඒ රස නම් තීරණය වෙන්නේ යොදාගන්න තේ වර්ගයේ රසය අනුවයි. ලංකාවේත් ඩිල්මා, කඳුළ ටී වගේ ආයතන Tea Mocktails පිළිගන්වනවා. තේ වල වෙනස් රස අත්විඳින්න කැමැති කෙනෙක්ට මේ Tea Mocktails හොඳ අත්දැකීමක් වේවි. 

 

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00