2018 පෙබරවාරි 17 වන සෙනසුරාදා

ශක්තිය වඩන රෝග නසන වියළි මිදි

 2018 පෙබරවාරි 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 1811

ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව වියළි මිදි බොහෝ රෝගයන් සඳහා ඖෂධයක් ලෙසින් භාවිත කෙරේ. එමෙන්ම නිරෝගී පුද්ගලයකු ද වියළි මිදි ආහාරයට ගැනීම විවිධ රෝග වැළඳීම වළක්වා ගත හැකි බව ආයුර්වේදයේ සොයාගෙන ඇත. පෝෂණ විද්‍යාත්මකව බොහෝ පෝෂණ කොටස් සිරුරට අත්‍යාවශ්‍ය වේ. ඒ අනුව වියළි මිදි පෝෂණයෙන් අනූනය.

ග්‍රෑම් 100 පෝෂණ ගුණය
ශක්තිය කිලෝ කැලරි 299
කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 77.18
ප්‍රෝටීන් 3.79
මේදය ග්‍රෑම් .4
කෙඳි ග්‍රෑම් 3.7

එමෙන්ම විටමින් සී, ඒ, කේ සහ විටමින් බී මෙහි අඩංගු වේ. ෆේලේට්, සෝඩියම්, පොටෑසියම්, මැග්නීසියම්, යකඩ, පොස්පරස්, සෙලනියම්, මැන්ගනීස් සහ සින්ක් වැනි ශරීරයට අත්‍යවශ්‍ය අංශු මූල්‍ය ද්‍රව්‍ය රැසක් ද වියළි මිදි තුළ අඩංගු වේ. මෙම අංශු මූල්‍ය ද්‍රව්‍ය ශරීරයට අවශ්‍ය වන්නේ ඉතා කුඩා ප්‍රමාණයේ වුවද එය වියළි මිදිවලින් ලබා ගැනීම බලවත්ය. උදාහරණයක් ලෙසින් කැල්සියම්, සින්ක්, යකඩ අඩුවෙන් ලැබුණුවිට කෙස් ගැලවී යාම, සම රැලි වැටීම, වර්ණය වෙනස් වීම සිදුවේ. එබැවින් අංශු මාත්‍ර මූල ද්‍රව්‍ය සිරුරට වැදගත් කාර්යයක් ඉටු කරයි. මෙම අංශු මාත්‍ර මූල ද්‍රව්‍ය එක් වැදගත් ආහාරයක් ලෙසන් වියළි මිදි හැඳින්විය හැක.

සිරුර මහත් කිරීමට උපකාරී වේ

අධික තරබාරුව වර්තමානයේ බොහෝ දෙනකු තුළ පැන නැගුණ ගැටලුවකි. එමෙන්ම අධික කෙට්ටු වීමද තවත් සමහරුන්ට ඇතිවන තවත් ගැටලුවකි. වියළි මිදි මඟින් අහිතකර මේදය සිරුරේ තැම්පත් වීමකින් තොරව සිරුර මහත් කරයි. විශේෂයෙන් වියළි මිදිවල *ග්ලූකෝස්) අඩංගු වේ. මළල ක්‍රීඩකයෝ මෙන්ම කාය වර්ධකයෝද වියළි මිදි භාවිත කරති. සිරුරේ අහිතකර මේදය තැම්පත් වීමකින් තොරව සිරුරට අවශ්‍ය විටමින්, ඛනිජ ලවන රැසක් සිරුර මහත් කර ගැනීමට උපකාරී වේ. එමෙන්ම පෝෂණ ඌණතා ඇති ඉතා කෘෂ දරුවන්ට විටමින් සපිරි ටොනික් එකක් ලෙසින් ද මෙය භාවිත කෙරේ.

එමෙන්ම වියළි මිදිවල පිළිකා වැළැක්විය හැකි පොලිපිනෝල් ප්‍රතිඔක්සිකාරක බොහෝමයක් අඩංගු වේ. වියළි මිදි ආහාරයට ගැනීමෙන් පිළිකා රෝගීන්ට පිළිකාව තවදුරටත් පැතිරීම වළක්වා ගත හැකි අතර ඉදිරියේදී ඇති විය හැකි පිළිකා තත්ත්වයන් අඩු කර ගත හැක.

අතීතයේ සිටම රුධිර පීඩනය පාලනය හා හදවතට යහපත් ආහාරයක් ලෙසින්ද වියළි මිදි මිනිසුන් අතර ප්‍රචලිතව තිබිණි. මෙයට හේතුව ලෙසින් වර්තමානයේදී කරනු ලබන පරීක්ෂණ මඟින් සොයාගෙන ඇත්තේ හදවතට හිත මූල ද්‍රව්‍යයක් වන පොටෑසියම් වියළි මිදි තුළ අන්තර්ගත වන බවය.

මළබද්ධය වැළැක්වීමට උපකාරී වේ.

වියළි මිදි ආහාරයට ගැනීමෙන් පසුව සිරුරේ ස්වභාවික තරලයක් තුළ ජලය උරා ගනී. මෙම වියළි මිදි ආහාර මාර්ගය ඔස්සේ අනෙකුත් ආහාර සමඟ හොඳින් පහතට යයි. එයින් මළබද්ධය වැළකේ. ජලයේ දිය නොවන කෙඳි මෙහි අඩංගු වන නිසා මළබද්ධය ගුණදායක වනවා සේම දියර ලෙසන් වැඩිපුර මළ පිටවන අවස්ථාවේදී එය වැළැක්වීමට වියළි මිදි ගුණදායක ඖෂධයක් වේ.
සීනි පාලනය
ඉන්සියුලින් ලබා ගන්නා දියවැඩියා රෝගීන්ට අනවශ්‍ය ලෙස රැධිරයේ සීනි ප්‍රමාණයේ පහළ යාම වළක්වා ගැනීමට වියළි මිදි දෙකක් පමණ අනුභව කළ හැකිය. වියළි මිදි තුළ යකඩ ද සැලකිය යුතු ප්‍රමාණයක් අන්තර්ගත වේ. වියළි මිදිවල ප්‍රතිජීවක ගුණය පවතී. ඒවා ලැබෙන්නේ ප්‍රතිඔක්සිකාරක මඟිනි. විශේෂයෙන් බැක්ටීරියා හා වෛරස්ගත රෝගවලදී ගුණ ඇත. එමඟින් බැක්ටීරියා වෛරස්ගත රෝග වළක්වා ගත හැක.
සෙම් රෝග සඳහා වියළි මිදි භාවිත කර ඖෂධ නිෂ්පාදනය කෙරේ. සෙම් රෝගවලට අවශ්‍ය ප්‍රතිජීවක ගුණය ඒ ඖෂධ මඟින් ලබා දේ.
පිරිමින්ගේ වන්ද්‍යභාවය නැති කර ශුක්‍රාණු නිපදවීම වැඩි කිරීමට වියළි මිදි වැදගත් වේ. කැල්සියම් වියළි මිදි තුළ වැඩිපුර ඇති නිසා ආර්තවහරණයෙන් පසු කාන්තාවන්ට බස්ටියෝපොරෝයීස් තත්ත්වය ද වළක්වයි.

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00