2018 පෙබරවාරි 17 වන සෙනසුරාදා

එළිමහනේ කලාපොළේ රිදී ජුබිලිය

 2018 පෙබරවාරි 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 181

මෙම වසරේ රිදී ජුබිලි සංවත්සරය සමරන ශ්‍රී ලංකාවේ ජනාදරයට පත් සුප‍්‍රසිද්ධ එළිමහන් කලා සල්පිල කලාපොළ, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් තරන්ජිත් සින්ග් සන්ධු මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ 07 ආනන්ද කුමාරස්වාමි මාවතේදී ලබන 25 වැනි ඉරිදා පැවැත්වීමට නියමිතයි. 

ජෝර්ජ් කීට් පදනම, ජෝන් කීල්ස් සමූහය සමඟ එක්ව 1993 දී දියත් කළ කලාපොළ අද වනවිට දිගු ගමනක් පැමිණ තිබෙනවා. ජෝර්ජ් කීට් මහතාගේ සහභාගීත්වයෙන් චිත‍්‍ර ශිල්පීන් 35 දෙනෙකු එක්ව ආරම්භ කළ කලාපොළට අද වනවිට දිවයිනේ නන් දෙසින් පැමිණෙන කලා ශිල්පීන් හා මූර්ති ශිල්පීන් තුන්සියයකට වැඩි පිරිසක් සහභාගී වෙනවා. මෙය නැරඹීමටත් විශාල පේ‍්‍රක්ෂකයන් පිරිසක් කොළඹට පැමිණෙනවා. 

වසර 25 ක පමණ කාලයක පටන් පැවති කලාපොළ අද වනවිට දේශීය හා විදේශීය සංචාරකයන්ගේ ආකර්ෂණය දිනූ සංස්කෘතික කේන්ද්‍රස්ථානයක් බවට පත්ව තිබෙනවා. 

විවිධ කලාකරුවන් පිරිසකගේ දක්ෂතාවයන්ද සමඟින් මෙම සන්ධ්‍යාවන් වර්ණවත් කිරීම සඳහා සංස්කෘතික අංගයන් රැසක් පැවැත්වීමට නියමිතයි. වසරෙන් වසර ඉහළ යන විශිෂ්ට ප‍්‍රමිතිය අන්තර්ගත සාමූහික කලා කුසලතාවයන් රැසක් එකම ස්ථානයක දී ප‍්‍රදර්ශනය වීමත් මහජනතාව නොමිලේම මේ අවස්ථාවට එක්වීමේ ඉඩකඩ හිමිවීමත් විශේෂත්වයක්.

 

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00