2018 ජනවාරි 20 වන සෙනසුරාදා

Taj samudra හෝටලයේ අලුත්ම කකුළු අවන්හල

 2018 ජනවාරි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 141

ටාජ් සමුද්‍රා හෝටලයේ Crab Factory අවන්හල කියන්නේ මීට මාස කිහිපයකට ප්‍රථම විවෘතවුණු අලුත්ම අවන්හලක්. මේ අවන්හල පිහිටලා තියෙන්නේ ටාජ් සමුද්‍රා නවරත්න අවන්හල ඉදිරිපිටයි. අවන්හලේ සේවක පිරිස ටිකක් ආධුනික පාටයි. හැබැයි එහෙම වුණත් නිතරම සිනාමුසු මුහුණින් පාරිභෝගිකයන්ට අවශ්‍ය උදව් කරන්න ඔවුන් සැදීපැහැදී ඉන්නවා.

මෙතැන ආහාර ලබාගන්න තියෙන ආකාරය හරිම අපූරුයි වගේම සරලයි. මුලින්ම කරන්න තියෙන්නේ අවශ්‍ය කකුළුවා තෝරගන්න එකයි. ඉන්පස්සේ කැමති සෝස් වර්ගයක් තෝරා දිය යුතුයි. කකුළුවාව පිසින්නේ ඒ සෝස් එකෙන්. මේ කකුළුවන් දීසියක් සමඟ පොල් සම්බෝල, කිරි හොදි, රෝස් පාන්, ලූනු සහ අමු මිරිස් වගේ දැක්කමත් කටට කෙළ උනන කෑම වර්ග කිහිපයක්ම මේසය මතට එනවා.  කකුළුවන් දීසිය ලෑස්ති වෙනතුරු හප හපා ඉන්න කකුළුවන් යොදා හදපු කට්ලට් පිළිගැන්වෙනවා. කරපිංචා සහ අනෙකුත් කුළුබඩු පදමට යොදලා තියෙන මේ කට්ලට් හැබෑම රසකින් යුතුයි.

ප්‍රධාන ආහාරයට අමතරව ගන්න පුළුවන් තවත් රසවත් අතිරේක ආහාරයක් විදිහට Sri Lankan Crab Curry with Murunga Leaves හැඳින්විය හැකියි.

මීට අමතරව ශ්‍රීලංකන් ෆ්‍රයිඩ් රයිස්, ක්‍රැබ් ෆ්‍රයිඩ් රයිස්, ඉඳිආප්ප, ස්ටීම්ඩ් රයිස්, අති විශේෂ ගාලික් බ්‍රෙඩ් වගේ කෑම ජාති රාශියක් මෙතැනදී රස බලන්න පුළුවන්. මෙතැන ප්‍රධානම ආහාරය කකුළුවන්නේ. ඉතින් Black Pepper Coconut Crab, Butter Garlic, Singapore Chili, Thai Red Curry, Crab Makhani, Goa Crab Curry, Kerala Crab Curry, Chettinad Crab Curry or Tandoori Crab වගේ විදි ගණනාවකට කකුළුවන්ගේ රසය විඳින්නත් අවස්ථාව තියෙනවා.
මේ සේරටම පස්සේ බඩේ තව ඉඩ ටිකක් හරි තිබුණොත් වටලප්පන් එකක් කන්නත් අමතක කරන්න එපා. රටකජු, පොල් කැබලි වගේම මින්ට් කොළයකුත් එක්ක පිළිගැන්වෙන මේ වටලප්පමත් ගොඩක් රසවත්.

♦ නටාෂා ෆර්නෑන්ඩුපුල්ලේ
   සේයා - කණිෂ්ක ගනේවත්ත

 

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00