2018 ජනවාරි 13 වන සෙනසුරාදා

රජයේ වියදම් ඉහළට

 2018 ජනවාරි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 82

වසරේ ප්‍රථම සූර්ය සංක්‍රාන්තිය අදයි 

2018 වසරේ සිදුවන ප්‍රථම සූර්ය සංක්‍රාන්තිය අද දින, එනම් 2018 ජනවාරි 14 වැනි ඉරු දින සවස 1 පසු වී විනාඩි 47ට සිදුවනු ඇත. මෙහිදී සූර්යා තමාට සතුරු රාශි භවනක් වූ සෙනසුරුට අයත් වූ මකර රාශියට පිවිසෙන්නේය. රවි මකර රාශියෙහි රවිටම අයත් උත්‍රසල නැකතේ 2 වැනි 3 වැනි 4 වැනි පාදවලත්, සඳුට අයත් සුවන නැකතේ සම්පූර්ණවත්, අඟහරුට අයත් දෙනට නැකතේ ප්‍රථම දෙවන පාදවලත්, 2018 පෙබරවාරි 13 වැනි කුජ දින පාන්දර 2 පසු වී විනාඩි 48 දක්වාම ගමන් කරනු ඇත.

වසරේ ප්‍රථම සූර්ය මාරුව අප රටට ඇතිකරන්නා වූ බලපෑම හේතුවෙන් රජයට යම් යම් කටයුතු වෙනුවෙන් අතිරේක වියදම් දැරීමට සිදුවන වකවානුවක් වනු ඇත. වැඩ කරන ජනතාවගේ සිත් බිඳීයන අතර ඔවුන්ට තම රාජකාරි පිළිබඳ යම් යම් එපාවීම් ඇතිවීමද සිදු වේ. තැනින් තැන මහජන සාමයට බාධාවීම්, ගැටුම් නිර්මාණය වේ. ප්‍රධාන ප්‍රසිද්ධ පුද්ගලයකුගේ කීර්තිනාමය හානියට පත්වන අතර රාජ්‍ය අංශයේ සේවයේ නිරත ප්‍රධානියකුට මාරකයක් ද ඇතිවනු ඇත. ආගමික කටයුතු කෙරෙහි ජනතාවගේ භක්තිය වර්ධනය වන වකවානුවකි.

මේෂ - රැකියා උසස්වීම්
ඔබට යහපත් ඵල අත්වනු ඇත. ඔබ කරන කටයුතු සාර්ථක වේ. රැකියාවේ උසස්වීම් බලාපොරොත්තු වූ අයකු නම් එම බලාපොරොත්තුව ඉටුවනු ඇත. දරුවකුගේ දස්කමක් නිසා තම සිතට සතුටක් දැනේ.

වෘෂභ - සතුරන් මර්දනය වේ
ඔබට ද යහපත් ඵල අත්වනු ඇත. දේශපාලනික ක්ෂේත්‍රයේ නිරත අයට යහපත් ඵල උදාවනු ඇත. ගමන් වලින් යම් පීඩා ගතියක් උද්ගත වේ. තමන්ට එරෙහි සතුරු බලවේග මර්දනය කළ හැකි වකවානුවකි.

මිථුන - නීතිමය ගැටලු
ඔබට එතරම් යහපත් නොවනු ඇත. නීතිමය ප්‍රශ්නයකට මැදිවිය හැකි බැවින් කල්පනාවෙන් කටයුතු කරන්න. ලියවිලිවලට අත්සන් තැබීමේදී දෙවරක් සිතන්න. යම්කිසි ණය මුදලක් ගැනීමට අපේක්ෂා කළේ නම් එම ණය ලබාගැනීමට හැකි වේ.

කටක - සමගියට බාධා
පවුල් දිවියේ සමගියට බාධාවීම් ඇතිවනු ඇත. අන් අය සමඟ කටයුතු කිරීමේදී කල්පනාකාරී වන්න. සිතට ප්‍රශ්න වැඩිවන වකවානුවකි. හිස ආශ්‍රිත පීඩා ගෙන දේ.

සිංහ - ගමන්වලින් පීඩා
ඔබට ද යහපත් ඵල අත්නොවනු ඇත. ඔබගේ කටයුතුවලට විවිධ පාර්ශ්ව වලින් බාධා ඇතිකරනු ඇත. ගමන්වලින් ද හදිසි පීඩා ගෙනදෙයි. සිතේ සහනය අඩුවන වකවානුවක් වේ.

කන්‍යා - ආර්ථික අපහසුතා
ඔබට මිශ්‍ර ඵල අත්වන නමුත් ඔබගේ කටයුතුවලට විවිධ හේතු මත ප්‍රමාද වීම් ඇතිවනු ඇත. දේශපාලන ක්ෂේත්‍රයේ නියැලි අයට යහපත් වන අතර බොහෝ විට ආර්ථික අපහසුතා ගෙනදෙනු ඇත.

තුලා - රැකියාවෙන් ඉහළට
ඔබට මිශ්‍ර ඵල අත්වන අතර රැකියාවේ උසස් වීමක් බලාපොරොත්තු වූ අයගේ බලාපොරොත්තු ඉෂ්ඨ වනු ඇත. පිටස්තර ප්‍රශ්නවලට මැදිනොවී සිටීමට වගබලාගත යුතු වේ. තම මතයට අනුව ක්‍රියා කිරීම නිසා හිතවතුන් තමා සමඟ සිත් අමනාපකම් ඇතිකරගනු ඇත.

වෘශ්චික - විදේශ ගමන්
කාර්මික ක්ෂේත්‍රයේ නිරත අයට මෙන්ම සන්නිවේදන අංශයේ රැකියාවල නිරත අයට ද යහපත් ඵල අත්වනු ඇත. විදේශ ගමන් අපේක්ෂා කළ අයගේ බලාපොරොත්තු ඉෂ්ඨ වනු ඇත.

ධනු - කාර්යයන් ප්‍රමාදයි
ඔබගේ උනන්දුව තිබුණද තම කාර්යයන් ඉටුකරගත නොහැකි වනු ඇත. ආර්ථික අපහසුතා ද ගෙන දේ. දේශපාලන ක්ෂේත්‍රයේ නිරත අයට යහපත් ඵල ඇතිවේ.

මකර - කැපීපෙනේ
අන් අය අතර කැපීපෙනෙන තත්ත්වයට පත්වනු ඇත. රැකියාවේ පැවති ප්‍රශ්න දුරුකරගත හැකිවනු ඇත. විදේශගත වීමේ බලාපොරොත්තු ඉෂ්ඨකරගත හැකි වේ. හදිසි තුවාල පීඩා ඇතිවිය හැකි බැවින් කල්පනාකාරී වන්න.

කුම්භ - ඇස් රෝග 
ඔබට එතරම් යහපත් නොවන අතර පවුල් දිවියේ ද ගැටලු ඇතිවනු ඇත. විශාල අන්දමෙන් ධනය වියදම් කිරීම් වලින් වළකින්න. හදිසි ශරීර පීඩා ඇතිවනු ඇත. ඇස් ආශ්‍රිත පීඩා ද ඇති වේ.

මීන - විදේශ සංචාර
ඔබට යහපත් ඵල අත්වනු ඇත. තම කීර්තිනාමය ප්‍රසිද්ධියට පත්වනු ඇත. දේශපාලන ක්ෂේත්‍රයේ නිරත අයට යහපත් ඵල අත්වනු ඇත. විදේශ සංචාර සඳහා සහභාගි වීමට අවකාශ උදාවනු ඇත.

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00