2018 ජනවාරි 13 වන සෙනසුරාදා

යුරෝපයෙන් කොළඹට එන Sound of Music

 2018 ජනවාරි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 57

Cinnamon Life සහ Broadway Asia එක්ව සුප‍්‍රකට Broadway වේදිකා නාට්‍ය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙමින් Sound of Music කරළියට ගෙන ඒමට සූදානම් වෙනවා. මෙම නාට්‍ය 2018 පෙබරවාරි 14-18 දක්වා නෙළුම් පොකුණ මහින්ද රාජපක්‍ෂ රඟහලේදී වේදිකාගත වීමට නියමිතයි. 

මේ සමඟ මෙරට ආගන්තුක සත්කාර ක්ෂේත‍්‍රයේ නව ප‍්‍රවණතා බිහිකරන්නකු ලෙස Cinnamon Life ශ්‍රී ලංකාවේදී Broadway නාට්‍ය නිෂ්පාදනයක් ප‍්‍රථම වතාවට සංවිධානය කරනු ලබන අභිමානවත් සංවිධායකයා බවට පත්වෙනවා. කොළඹ නගරය චිත්තාකර්ෂණීය විනෝදාස්වාද කේන්ද්‍රස්ථානයක් බවට පරිවර්තනය කිරීම සඳහා වන Cinnamon Life හි මෙහෙවර සමඟ මෙම ඉසව්ව මනාව ගැළපෙන අතර මෙය ශ්‍රී ලංකාවේ විනෝදාස්වාද ක්ෂේත‍්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක්ද වනු ඇති බව සංවිධායක මණ්ඩලයේ අදහසයි. මුළු ලොවපුරා ප්‍රේක්ෂක ජනයාගේ හදවත් දිනාගැනීමට සමත් වූ සංගීතමය නෘත්‍යාංගයක් වන Sound of Music සංගීතමය නෘත්‍යය ඉතිහාසයේ වඩාත් ගෞරවපූර්ව පිළිගැනීමකට ලක් වූ නිෂ්පාදනයක් ද වේ. Tony සම්මාන 6කින් මෙන්ම Academy සම්මාන 5කින් ද පිදුම් ලද මෙම නිෂ්පාදනය ලොවපුරා ප‍්‍රධාන නගර රැසකදී වේදිකා ගත කොට තිබේ. මේ සඳහා එක්වන නවතම ඉසව්ව කොළඹ වන අතර මෙහිදී මෙම නාට්‍යයේ රඟපාන ලොවම පිළිගැනීමට ලක් වූ රංගන ශිල්පින් සමඟ අප රටේ ළමුන් 12 දෙනකුටද රංගනයෙන් දායක වීමේ මාහැඟි අවස්ථාවද උදා වේ.

මෙම ව්‍යාපෘතිය පිළිබඳව තම අදහස් දැක්වූ John KeellsHoldings විනෝදාස්වාද අංශ සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා විශේෂයෙන්ම මෙරට සංචාරක කර්මාන්තය රටේ ප‍්‍රධාන විදේශ විනිමය උත්පාදනය කිරීමේ සාධකයක් බවට පත්වෙමින් පවතින පසුබිමක Cinnamon Life ජාත්‍යන්තර තලයේ විනෝදාස්වාද අංගයන් ශ්‍රී ලංකාව වෙත රැගෙන ඒම සඳහා ප‍්‍රමුඛත්වයක් ගන්නා බව සඳහන් කළේය.  මේ පිළිබඳව මාධ්‍ය හමුවක් සහ විශේෂ ප්‍රාසාංගික දැක්මක්ද ඉකුත් දිනක සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැත්විණි.

රජිත
සේයාරූ I චන්න කස්සප කෝරළේආරච්චි

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00