2018 ජනවාරි 06 වන සෙනසුරාදා

හොරෙක් නුඹ

 2018 ජනවාරි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 64

ගිරවෙක් වගේ කියව කියවා
බෙදාගන්නකොට නුඹ
ජීවිතේ හැම පුංචි දෙයක්ම ඔහොම..
හිතෙනවා මට 
සිපගන්න ඔය නළලත..
තුරුලුකරගෙන
පොඩි එකෙක් වගේ නුඹව...
ඒ වුණත් ඇත්තමයි
හොරෙක් වගෙ ඇවිදින්
තුරුලු කරගනිද්දී පිටුපසින්...
ගෙලු දවන නුඹෙ හුස්ම
දැනෙනවා මට හුඟක්
ඇස්වලට එබෙද්දී වගෙම නුඹ...
අත්වලට හිරකරන් මුළු හිතම
දන්නවද
හොරෙක් නුඹ
නැතිකරපු ................ මට - මාව !

රජිතා අබේසිංහ

 

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00