2018 ජනවාරි 06 වන සෙනසුරාදා

තරුණ හිතට ඇල්ලූ මුහුදේ සෙල්ලම Stand up paddle boarding

 2018 ජනවාරි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 102

මුහුද කියන්නේ මිනිස්සුන්ගේ කුතුහලය ආසාව වගේම විනෝදයත් වැඩිකරවන අපූර්ව වස්තුවක්. ඈත අතීතයේ ඉඳන්ම මුහුද සමඟ තිබුණු මිනිස්සුන්ගේ බැඳීම අද වනවිට විනෝදයට බරවුණු බැඳීමක් බවටම වර්ධනය වෙලා තියෙනවා. මුහුද ආශ්‍රිත විවිධ ක්‍රීඩා සහ විනෝද ක්‍රියාකාරකම් සොයාගැනෙන්නේ ඒ නිසායි. 

ඒ ආකාරයට මෑතකදී එකතුවුණු මුහුද ආශ්‍රිත විනෝද ක්‍රීඩාවක් තමයි stand up paddle boarding කියන්නෙ. මේක ඇත්තටම ගොඩක්දුරට සර්ෆින් ක්‍රීඩාවට නෑකම් කියන දෙයක්. නමුත් වෙනසකට තියෙන්නේ සර්ෆින් ක්‍රීඩාවේදි ශරීරයේ සමබරතාව මත සියල්ල රඳාපැවතුණත් මෙතැනදී ඔබ අතට හබලක් ලැබීමයි.

මේ ක්‍රීඩාව ආරම්භවෙලා තියෙන්නේ හවායි දූපත් ආශ්‍රිතවයි. සර්ෆින් ක්‍රීඩාවෙන්ම උපන් ක්‍රියාකාරකමක් ලෙස තමයි මෙය හැඳින්විය හැක්කේ. කොහොම නමුත් සර්ෆින් ක්‍රීඩාවට වඩා තරමක් ලේසිවීම නිසාම අද වනවිට බොහෝ තරුණ පිරිස් අතර stand up paddle boarding ක්‍රීඩාව ජනප්‍රිය වෙලා.